FINAL (Epilogue)

826 158 159
                                    

After one year.....

"පපා අදවත් කියන්නකෝ එදා වුන දේ හරියටම "

උනුම උනු කුකීස් පිරිලා තිබුන  ට්‍රේ එක කොෆි ටේබල් එක උඩින් තියන ගමන් කියපු සෝහී නම්ජූන් ගේ ලගින් වාඩි වුනා.... හිනාවුන ජූන් සෝහී ගේ උරහිස වටේ අත දාගත්තා..... ටේහ්යුන් තොල් උල් කරගෙන කුකී එකක් අතට අරගත්තා.....

තවත් සතියකින් ටේහ්යුන් ගේත් සෝහීගේත් විවාහය...අද උදේ තමයි ටේහ්යුන් ගේ කිරුල පැලදීමේ උත්සවය තිබුනේ.... උත්සව කටයුතු අවසානයේ හනා හැමෝටම රෑ කෑමට ආරාධනා කලා....

රාජ්ය නීති රීති වලට අනුව නම්ජූන් හනා එක්ක විවාහ වෙලා මාලිගයේ සියලු තනතුරු අත්හැරලා දැම්මා.... හනා ජූන් සෝහී තුන්දෙනාම ජූන් හනා වෙනුවෙන් ගොඩනගපු farm house එකේ තමයි මේ වෙන කොට  පදින්චි වෙලා හිටියේ..... හනාගේ වගේම ජූන්ගේ ඉල්ලීමට අගබිසව යූනා සෝහීට පාලිකා තනතුරින් ඉවත් වෙන්න අවසර දුන්නා....

අගබිසව විදියට තේරුන යේරීගේ රාජ්ය විරෝධී ක්‍රියාකාරකම් නිසා යේරීට තනතුර අහිමි වුනා වගේම වසර විස්සක සිර දඩුවම් නියම කිරීමට අධිකරණය තීන්දු කලා... ඒත් අවසන් නඩු විභාගයට කලින් දවසේ රෑ යේරී කෑම කාපු චොප්ස්ටික් ආධාරයෙන් සියදිවි හානි කර ගෙන තිබුනා.....

ඒ සිදුවීමෙන් මාසයක ඇවෑමෙන් රජතුමා නව නීති සංශෝධනයක් අරගෙන ආවා... ඒ රජු ට තමන් කැමති තමන් ආදරය කරන තරුනියක හා විවාහ වීමට හැකියි කියන නීතිය.... රටේ අනාගත අගබිසව සෝහී බව කියන නිල නිවේදනය නිකුත් කලේ ටේහ්යුන් කිරුල පලදින උත්සවයේදිමයි....

යූනා හනා එක්ක කිචන් එක බාරගද්දි,  පපාලා දෙන්න එක්ක සතුටු සාමිචියට ඉතිරි වුනේ ටේ සෝහී දෙන්නා... සෝහී කොච්චර වත් එයාගේ පපාගේ ඇගේ එල්ලිලා තමන්ව ගනන් නොගෙන ඉන්න එකට මූන පූම්බගගෙන සිටියත් ටේහ්යුන් හිටියේත් ගොඩක් සතුටින්....

"පපා කියන්නකෝ!!"

ආයේත් සෝහී ඇවිටිලි කලා...

"ආහ් බේබි මං දන්නේ නෑ ඔයාට මෙච්චර සතුටු වෙලාවකත් ඒක අහන්න ඕන ඇයි කියලා....!"

නම්ජූන් කිව්වා....

"ඉන්න බලන්න අංකල් යුන්ගි කොහෙද ඉන්නේ කියලා  ගොඩක් පරක්කුයි නේ, ඊටපස්සේ පපා කියන්නම්..."

🎉 You've finished reading 🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed) 🎉
🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)Where stories live. Discover now