සෝහී ගේ ලොකු ඇස් අගින් කදුලු දෙපේලියක් ගලාගෙන ගියා.... මේක හීනයක්!! සෝහීගේ හිත සෝහීට කියපු එකම දේ ඒක..... සෝහී අඩියක් පිටිපස්සට තිබ්බා....
තේහයුන් අඩි කීපයක් ඉස්සරහට ආවා.....
සෝහී අත් දෙකෙන්ම මූන වහගෙන බිමට පාත්වුනා...මේක හීනයක්!! සෝහීට ඕන වුනා ඇහැරෙන්න!! හිත රිදවන බලාපොරොත්තු ගුලි ගැහෙන හීන වලට සෝහී බයයි!!!මොහොතකට සිහිය ඈතක නැවතුනත් ඊලග තත්පරේ සෝහී ආපහු පියවි සිහියට ආවා.... සෝහීට දැනුනා ඉනවටේ එතුන ශක්තිමත් අතක ග්‍රහණය..... උනුසුම් හුස්මක් මූනට වදින කොට සෝහී ඇස් ඇරලා බැලුවා.... තාමත් තමන් ස්ට්රෝබෙරි පාත්තිය මැද හිටගෙන ඉන්නේ කියලා සෝහී දැක්කා...ඒත්...
"සෝහී!! යූ ඕකේ?"
කන ලගම ඇහුන කට හඩට සෝහී ඇස් උස්සලා බැලුවා...සෝහී ගේ මූනට නැවිලා හිටපු තේහයුන් ඇහිබැමක් උස්සලා හිනාවුනා....
"ක් ....ක්‍රවුන් ප්..ප්‍රින්ස්!!!!"
සෝහී වචන ඇහින්දා....
"ඒක තේහයුන් මයී ලව්!! ඒත් ඔයා කැමති නම් වෙන නමක් වුනත් කියන්න පුලුවන් ඔයාට!!"
තේහයුන් සෝහී ගේ මූනට එබිලා කිව්වා...සෝහී තාමත් ලොකු ඇස් වලින් බලාගෙන හිටියා....
"කොහේද ඔයාගේ මාම්? මං ආවේ මාම්ට කියලා ඔයාව එක්ක යන්න..."
තේහයුන් වටපිට බලලා කිව්වා..කොහොමද ඒ තරම් ලේසියෙන් එහෙම කියන්නේ? සෝහී තවත් පුදුමෙන් බලාගෙන හිටියා.... ක්‍රවුන් ප්‍රින්ස්.... කිම් තේහයුන්, සෝහීගේ ඒක පාර්ශවික ආදරේ....සෝහීගේ සංසාර ආදරේ..... සෝහීගේ ආදරනීය හීන කුමාරයා....
ඒත්!!!...
තේහයුන් හෙට අනිද්දට පපා කෙනෙක්!! ප්‍රින්සස් හාජින් තේහයුන් ගේ දරුවෙක් කුසේ දරාගෙන ඉන්නවා!! ක්ෂනිකව හැමදේම ඔලුවට එද්දී සෝහී අත්දෙකෙන්ම තේහයුන් ව පස්සට තල්ලු කලා.... බලාපොරොත්තු නොවුන ක්‍රියාව නිසා තේහයුන් අඩියක් පිටිපස්සට ගියා....තේහයුන් කුතුහලයෙන් සෝහී දිහා බැලුවා....."සමාවෙන්න කුමරුනී!!..මං...මං..."
එහෙමම ඔලුව නවාගෙන බිමට නැවුන සෝහී සමාව ගත්තා.... සේවිකාවකට කොහෙන් ආපු හයියක්ද කුමාරයෙක් ව තල්ලු කරලා දාන්න!!!...
YOU ARE READING
🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)
Fanfictionමේක ආත්ම දෙකක කථාවක්.. පෙර ආත්මේ මතක සිහින වල අතරමං වුන අහිංසක හැඩකාරියක්.... පෙර ආත්මේ ගැන අල්පමාත්ර මතකයක් නැති කඩවසම් කිරුල හිමි කුමාරයෙක්.... ආත්මයක් පාසා පැමිනෙන බල තන්හාවේ වියරුවක්..... අතීතය නැවත ලියවේවිද? නැතිනම් වර්තමානය අලුත් කතාවක ආරම්භය...