🦋.යේරිගේ කේන්තිය. 14

486 138 90
                                    

තරහින් පුපුරන ගමන් කඩාගෙන බිදගෙන තමන්ගේ පෞද්ගලික කුටියට ආපු යේරි වේගෙන් දොර වහලා දැම්මා....  ඊලගට කාමරේ තිබුන නැවුම් නෙලුම් මල් වලින් හැඩවුන වීදුරු මල් වාස් එක මහ සද්දෙට බිම ට ඇදලා  බිදලා දාපු යේරි කකුල් දෙකේ තිබුන හීල්ස් ගලවලා වීසි කලා....

අත් දෙකෙන්ම කොන්ඩේ ඇදලා අවුල් කරගන්න ගමන්  එහාමෙහා ඇවිදපු යේරි පිලිවෙලට තිබුන සුවපහසු ඇද ඇතිරිලි එහාමෙහා ඇදලා අවුල් කරලා දැම්මා....

යේරිගේ දරා ගැනීමේ සීමාව පහුවෙලා තිබුනා.... ලොකු කෙල්ලෙක් වුන දා ඉදලා ම යේරිගේ දෙමව්පියෝ යේරිගේ ඔලුවට දැම්මේ යේරි තමයි අනාගත අගබිසව කියන කාරනේ.... පුංචි දා ඉදලා යේරි හැඩ ගැහුනේ රැජිනක් වෙන්න....
වයසින් වැඩෙන කොට රූමත් තරුණියක් වුන යේරිට ආදර යෝජනා ගලාගෙන ආවත් යේරී ඒ හැමදේම ප්‍රතික්ෂේප කලා... ඒ තමන් අනාගත අගබිසව කියන කාරනාව තදින්ම හිතට දැනිල තිබුන නිසා....

ඒත්.....ඒත් අද පලවෙනි වතාවට යේරි තනියම කිරුල හිමි කුමරු මුනගැහුනම යේරිගේ හිතේ තිබුන හැම බලාපොරොත්තුවක්ම  එක මොහොතින් බිදිලා ගියා.....

"කන්ග්  යේරී.... ප්රධාන අමාත්‍ය කන්ග් වැන්සෝගේ වටිනාම තුරුම්පුව!!!! ඉතින් ප්‍රින්සස් යේරි!! ලෝයර්  යන්ග් ලීට වඩා මං හොද හස්බන්ඩ් කෙනෙක් වේවි කියලා හිතෙනවද?ම්?"

කට කොනකින් හිනා වෙලා තමන්ගේ මූනට එබිලා තේහයුන් අහපු විදිය යේරිට ආයේ ආයේමත් මැවිලා පෙනුනා....

යන්ග් ලී!! යේරීගේ පෙම්වතා.... හරිම ආදරනීය මනුස්සයෙක් වුන ලී යේරිට අවංකවම මුලු හදවතින්ම ආදරේ කලා....ඒත්  යේරී ලීගේ ආදරේ පිලිගත්තේ ක්‍රවුන් ප්‍රින්ස් මුනගැහෙන කම් කාලය ගෙවා ගන්න විතරයි....

ක්‍රවුන් ප්‍රින්ස් හන්ගුක් වලට එන්න නියමිත බව ආරංචි වුන වහාම යේරි ලීව මගඅරින්න පටන් ගත්තා.... ඒත් ලීට ඕන වුනේ නෑ යේරීව අතහැරගන්න....තමන්ගේ එකම ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලී දෙපාරක් හිතුවේ නෑ....ඒ හේතුව නිසාම ලී යේරිගේ දෙමව්පියෝ මුන ගැහිලා තමන්ගේ සම්බන්ධය ගැන ඔවුන් දැනුවත් කලා....ඒත් බල තන්හාව හිත පුරා ඔඩු දුවලා තිබුන ප්රධාන අමාත්‍ය තුමාට ලීගේ අවංක හිත තේරුම් ගන්න ඕන කලේ නෑ.....ඒ වගේම පුංචි දා ඉදලා රටේ අගබිසව වෙන්න හීන දැකපු යේරීටත් වැඩි දවස් නොයාම ලී කරදරකාරයෙක් විදියට දැනෙන්න ගත්තා....

🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)Where stories live. Discover now