🦋. පෙර ආත්මය (v)29

483 126 66
                                    

"නුඹ සැබෑවක්ද පවසන්නේ?"

"එහෙමයි උතුමානෙනී!! මා සත්‍ය පවසන්නේ!!, ඇය මල් ගම්මානේ දකුණු කෙලවරේ කුඩා පැල්පතක මිත්තනිය සමග ජීවත් වන තරුණියක්!! කුමරු ඇගේ දැලේ පැටලීයි සිටින්නේ!"

යටහත් පහත් විදියට සේවක තරුණයා කියනකොට සටකපට වැඩිමහල් කන්ග් පුත්‍රයා කල්පනාකාරීව ඉදිරියට ඇවිදගෙන ගියා....

"උබ සත්‍යක් නම් පවසන්නේ කටයුතු තවත් පහසු වේවි!!"

ගමන නවත්තපු කන්ග් තරුණයා ආපිට හැරිලා සේවකයා දිහා බැලුවා...

"උබට තවත් එක් රාජකාරියක් ඉතිරිව තිබෙනවා!! ඉන් පසුව මා රජු බවට පත්වීම වැලැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නැහැ!! උබට හැකියි උබේ සිත් ගත් සේවිකාව සමග මාලිගය හැර ගොස් උතුරු පැත්තේ ගොවිපලක් අරබන්න!!!"

කපටි හිනාවක් මූනට අරගෙන කන්ග් පුත්‍රයා කියනකොට සේවක තරුණයා බලාපොරොත්තු දැල්වුන ඇස් වලින් ඔලුව වැනුවා....

"නුඹ මා ලබාදෙන ඖෂධය මුලුතැන්ගෙයි සේවිකා ෂීයැං හට ලබාදිය යුතුයි!! ඇය ඉතිරි කටයුතු සිදු කරාවි!!"

"එහෙමයි උතුමානෙනී!!"

සේවකයා පිටවෙලා යන දිහා බලාගෙන කන්ග් පුත්‍රයා වියරු හඩින් හිනා වුනා.... ඔහුගේ බල තන්හාවේ වියරු ආශාවන් මුදුන්පත් කරගැනීමට කාලය ඉතාමත් ආසන්න වී තිබුණා.....

"බලා සිටිනු අධිරජුනි!! බලා සිටිනු!! මා එක් දුගී කෙල්ලක ලවා කිම් රාජ වංශය සමූලඝාතනය කරන අයුරු ඉවසීමෙන් බලා සිටිනු!!!"

ඔහු වියරුවෙන් සිනා සුනා....

"ඔබතුමා කුමක්ද පැවසුවේ උතුමානෙනී!!"

"ඔහ් නුඹ!! චීන දේශයේ ගිනි සිලුව!! නුඹ ඔහුට ආලය කරනවා එසේ නොවේද?"

එක්වරම සදලු තලයට පියමැන පැමිනි සුන්දර තරුනියක් දිහාවට හැරුන කන්ග් තරුණයා කියනකොට ඇය ඔහුව ගනන් නොගෙනම ඉදිරියට ඇවිදගෙන ගියා.....

"එහෙමයි!! මා ඔහුට ආලය කරනවා!! සුන්දර හන්ගුක් දේශයේ කඩවසම් කිරුල හිමි කුමරු!! කිම් හන්සන්ග් ට මා උමතුවෙන් මෙන් ආලය කරනවා!!"

🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)Where stories live. Discover now