🦋. හැමදේම පැටලිලා 15

462 138 43
                                    

"මං ....මං ..ඒ හීන වල හිටපු කුමාරයාට ආදරේ කලා, ඒ ...ඒ ...ඔබතුමා  කියලා නොදැනම ආදරේ කලා...මට ආදරේ නොකර ඉන්න බැරි වුනා...මං ..මං දන්නවා ... ඒත් මට ඔබ තුමාට ආදරේ නොකර ඉන්න බෑ!!"

තේහයුන් ගල්ගැහිලා බලාගෙන ඉද්දි සෝහී කදුලු අතරින් ගොත ගහන ගමන් කිව්වා....තේහයුන් ට සෝහී කියන කිසිම දේක අගක් මුලක් තේරුනේ නෑ.... අනික් අතට තේහයුන් ට ඒවයේ අගමුල හොයන්න ඕන කමක් තිබුනේත් නෑ....

තේහයුන් ඇස් දෙකෙන්ම දැක්කා දැන් ටිකකට කලින් සෝහී මින් ප්රධානිට තුරුළු වෙලා හිටපු හැටි... එකිනෙකා වැලදගෙන එයාලගේ ම ලෝකේ හිටපු පෙම්වතුන්ට තේහයුන් දොරේ හැපෙන හඩවත් ඇහුනේ නෑ....

සිද්ධිය ආරංචි වුන ගමන්ම තේහයුන් ගේ හිතේ ඇදුන නොසන්සුන් කමත් එක්ක මාලිගයෙන් පිට රාජකාරී කටයුත්තක යෙදිලා හිටපු තේහයුන් මාලිගාවට ආවේ පුලුවන් තරම් ඉක්මනින්.....
තේහයුන් ට ඕන වුනේ යේරී හොදින්ද බලනවටත් වඩා සෝහී හොදින්ද කියලා බලන්න.... ඒ නිසාමයි මහ රෑ බවවත් නොහිතා තේහයුන් සෝහීව බලන්න විමර්ශන කාර්යාලයට ආවේ....
ඒත්.... ඇතුලට ආපු තේහයුන් දැක්කේ බලාපොරොත්තු නොවුන දෙයක්.... තේහයුන් එක්කම මාලිගාව ට ආපු මින් ප්රධානි තුමා තේහයුන් ට කලින් සෝහී ව මුනගැහෙන්න ඇවිත්.....
ඒ වෙනකොටත් සෝහී හිටියේ මින් ප්රධානිගේ තුරුලේ.....
කලබල වුන තේහයුන් ඉක්මනින් එතනින් පිට වෙලා ගියත් කලබලේට තේහයුන් ව දොරේ හැපුනා....ඒත් පෙම්වතුන් ට ඒක ඇහුන බවක් නොපෙනුන නිසා තේහයුන් එලියට බැහැලා යන්න ගියා.....

තේහයුන් හැම රෑකම උද්යානේ gazebo එකේ තනියම වාඩි වෙලා හිටියා....ඒ හැම රෑකම තේහයුන් දැක්කා මින් ප්රධානි තුමා සෝහී බිසෝ මාලිගයේ ඉදලා එන විදිය බලාගෙන ඉන්නවා...
මූනේ හිනා කලදක් නැති මින් ප්රධානි තුමාගේ මූන සෝහීව දකිනකොට හිනාවකින් එලිය වෙන හැටි තේහයුන් දැක්කා....
ඒ වගේම එකම එක දවසක මින් ප්රධානි තුමාගේ  තර්ජනය!! එතකොට අද දවසේ දැක්ක දේවල්... තේහයුන්ට එකම දෙයක් හිතන්න බල කලා....ඔවුන් දැනටමත් පෙම්වතුන්!!!!
මැදිවියට ආසන්න වෙලා හිටියත් මින් ප්රධානි තුමා තාමත් කඩවසම් බව තේහයුන් ට අකමැත්තෙන් වුනත් පිලිගන්න සිද්ධ වුනා.... ඒ වගේම ඒ නිර්භය නොසැලෙන පෞරුෂය ඕන කෙනෙකුගේ හිත හොල්ලන්න සමත්....මාලිගයේ සේවිකාවන් සියල්ලන්ගේම වගේ හිත් වල මින් ප්රධානි තුමාට විශේෂ තැනක් තියෙන බව අතරින් පතර ඇහෙන සේවකයින් ගේ රහස් කථා වලින් තේහයුන් දැනගෙන හිටියා.....

🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)Where stories live. Discover now