🦋හිත් රිදවීම් එකදිගටම 08

474 139 45
                                    

සෝහී හිටියේ උදෑසන රාජකාරී අවසන් කරලා සුපුරුදු පරිදි උද්යානේ.... අලුත් උද්යාන පාලක ජීහූන් සෝහී එක්ක කථා කලේ උද්යානේ තිබුන බ්ලු බෙල් යාය ගැන....
"ඇත්තටම සෝහී බ්ලූ බෙල් යාය ගොඩක් ලස්සනයි, ඒත් ක්‍රවුන් ප්‍රින්ස් ට ඕනලු ඒ සේරම අයින් කරලා ඒ ඉඩේ කැලෑ රෝස හිටවන්න..."

ජීහූන් කනගාටුවෙන් කියනකොට සෝහී ඇස් ලොකු කරලා ජීහූන් දිහා බැලුවා....

"ක්..කැලෑ  රෝස? ජීහූන් ඔයා කිව්වේ කැලෑ රෝස ගැනද?"

සෝහී ඇහුවා...

"ඔව්!!, කුමරු ඊයේ විශේෂයෙන් ම මට එන්න කියලා කිව්වේ,  ඒ ටිකේ කැලෑ රෝස දාන්න කියලා.... දැනටමත් පැල ටික මෙහේට අරගෙන එන ගමන්....!!"

ජීහූන් කියද්දී සෝහී ඇහිබැම උඩට කලා.....

"බ්ලූ බෙල් යාය ගොඩක් ලස්සනයි, ඒත් කැලෑ රෝස මල් වලට ඉඩදීලා එයාලට යන්න වෙනවා නේද?"

සෝහී හෙමින් කිව්වා...

"හ්ම්!! ප්‍රින්ස් ගේ තීරනේට උඩින් යන්න අපිට බෑනේ සෝහී,  ඔන්න තව සතියකින් නම් ඒ තීරනේට උඩින් යන්න පුලුවන් කෙනෙක් ඒවි මෙහෙට!"

ජීහූන් හිනාවෙලා කියන ගමන් මෙච්චර වෙලා අතේ තියාගෙන හිටපු බ්ලූ බෙල් මල් පොකුර සෝහීගේ අතට දුන්නා....

"ඒ කවුද?"

මල් පොකුර අතට අරගෙන සුවද බලන ගමන් සෝහී ඇහුවා...ඒත් ඒකට ජීහුන්ට උත්තරයක් දෙන්න බැරි වුනේ පිටිපස්සෙන් ඇහුන ගැබුරු කටහඩ නිසා....

"පාලක ජීහූන්!!"

තේහයුන් ගේ ගැබුරු හඩින් ජීහූන් වගේම සෝහීත් ගැස්සිලා ගියා.... එදා තමන්ගේ හීන වලින් පේන්නේ කිරුල හිමි කුමරු කියලා දැනගත්තට පස්සේ ම තේහයුන්ගේ ඉස්සරහට නොයා ඉන්න සෝහී පරිස්සම් වුනා.... මේ වෙනකොට සෝහී ඒක දැනගෙන සති හයක් ඉක්මිලා....මේ සති හයටම සෝහී කුමාරයාව හැබැහින්  දකින්නේ අද....

හැම රෑකම හීනෙන් ඇවිත් හරි ආදරනීය මතක ගොඩක් හදලා දෙන කුමාරයාට දවසින් දවස හිත ඇතුලේ ආදරනීය හැගීම් ගොඩ ගැහුනත්, සෝහී ඒ හැම හැගීමක්ම හිත ඇතුලේ අගුල් දාලා හිර කලා....

🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)Where stories live. Discover now