🦋. ආදර හමුවීම් 13

468 145 41
                                    

අද දහවෙනි දවස , අද තමයි යේරි පලවෙනි වතාවට කුමරයාව තනියම මුනගැහෙන දවස.... යේරිට ඕන වුනා ඒ ගමනට ජීවෝන්ව පාලිකාව විදියට එක්කගෙන යන්න.... ඒත් බිසෝ මාලිගයේ සම්පූර්ණ පාලනය ම තිබුනේ අගබිසව අතේ....
කුමරියන් කුමරු මුනගැහෙන හැම අවස්ථාවකම පාලිකාව විදියට අගබිසව නම් කලේ සෝහීව ඒ නිසාම යේරීට එතන සිද්ධ වුන කිසිම දෙයක් කිසිම විදිහකින් දැනගන්න පුළුවන් වුනේ නෑ.....

එදා පලවෙනි දවසේ මින් ප්රධානි තුමා ආපු නිසා සෝහීට යන්න දුන්නත් පහුවදාත් ජීවෝනුයි ප්රධාන අමාත්‍ය තුමාට පක්ෂපාතී සේවකයෝ දෙන්නෙකුයි ඇවිත් සෝහී ව යේරී ලගට එක්කන් ආවා....

කලින් දවසේ වගේම යේරි ලග සෝහී මුනිවත රකිද්දී යේරිගේ අත වේගෙන් ඉහලට එසවුනත්, ඒ මොහෝතෙම දුවගෙන ආපු ජීවෝන් කිව්වේ මින් ප්රධානි තුමා ඇවිත් ඉන්න ආරංචිය....

ඉතින් කලින් දවසේ වගේම ජීවෝන් සෝහීව උද්යානේ පැත්තෙන් එලියට දැම්මා....උද්යානේ දිගේ ඇවිදගෙන යද්දී සෝහී ට ලොකු රතු මේපල් ගහ යටදී මින් ප්රධානි තුමා මුනගැහුනා...

"සෝහී!! පරිස්සමින් හොස්ටල් එකට යන්න!!"

සෝහී ව බලාපොරොත්තුවෙන් හිටියා වගේ හිනාවෙලා සෝහීගේ ඔලුවට මෘදු තට්ටුවක් දාලා කියපු ප්රධානි තුමා බර හුස්මක් පහල දැම්මා....ඔලුව නවලා ආචාර කරපු සෝහී ඉක්මන් අඩි තියලා හොස්ටල් එක දිහාවට ඇවිදගෙන ගියා....

"මං කවදාවත් පොරොන්දු කඩන්නේ නෑ හනායා, මං එයාව පරිස්සමින් බලාගන්නම්...ඔයා වෙනුවෙන්!!!"

ඈතට ඇවිදගෙන යන සෝහී දිහා බලාගෙන මින් ප්රධානි තුමා හෙමින් මුමුනපු හඩ සෝහීට ඇහුනේ නෑ....

එදායින් පස්සෙ ජීවෝන් වත් යේරී වත් සෝහීට කරදර කලේ නෑ... ඒත් ජීවෝන්ගේ ඇනුම්පද කියවිල්ලේ නම් ඉවරයක් තිබුනේ නෑ.... !!

"මගේ පෙනුම කොහොමද ජීවෝන්!!"

කල්පනාවක අතරමං වෙලා හිටපු සෝහී පියවි සිහියට ආවේ යේරී ගේ හඩින්....
හන්ගුක් වල හිටපු දක්ෂතම මෝස්තර නිර්මාණ ශිල්පිනිය විසින් යේරි වෙනුවෙන් ම නිර්මාණය කරපු නවීන විලාසිතාවේ ගවුම යේරීට අගේට ගැලපුනා....ගවුමට ම ගැලපෙන අනර්ඝ තත්වයේ වටින ආභරන වලින් සැරසිලා හිටපු යේරි ඇත්තටම රැජිනක් වගේ බැබලුනා....

🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)Where stories live. Discover now