🦋. ආදරනීය දවස්.. 37

556 130 35
                                    

වෙලාව රෑ දහයයි තිහයි!! තේහයුන් හිටියේ මාලිගාවේ එලිමහන් බැල්කනි එකේ ශක්තිමත් අත්වැටට හේත්තු වෙලා අහස දිහා බලාගෙන.....  හීන් හිමරේනු වැස්ස අතරින් හරි ලස්සනට හඳ පායලා..... හඳ එළිය මැදින් හිම රේණු එක පෙලට පොලවට වැටෙනවා.....
තේහයුන් ගේ හිත සතුටින් පිරිලා.....හිත පුරා නැවුම් සිතුවිලි ඉතිරිලා.... වෙනදට තේහයුන් මේ වෙලාවෙ කරන්නේ  ක්ලබ් එකේ වේග රිද්ම ගීතයකට අඩනිරුවතින් නර්තනයේ යෙදෙන නාටිකාංගනාවන්  දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉස්තරම්ම වර්ගයේ මත්පැන් බෝතලයක් හිස් කරන එක.....
සෝහී ව දකින්න මුන ගැහෙන්න කලින් තේහයුන් ජීවිතේ කියලා හිතුවේ යාලුවෝ එක්ක එකතුවෙලා විනෝද වෙන එක...... ඉදහිටක දවසක දුරදිග ගිය ඇදුනුම්කමකදී  ඇවිලෙන හැගීම් නිදහස් කරගන්නෙක ... ඒත් ඒ කිසිම තැනක අද තරම් සතුටක්, අද තරම් සැනසීමක් මේ තරම් පිරුනු හැගීමක් තේහයුන් ට දැනිලා තිබුනේ නෑ......

තේහයුන් ගේ හිතේ සෝහී ගැන විශේෂ හැගීමක් තිබුනත් තේහයුන් ට ත් නොදැනීම තේහයුන් සෝහී එක්ක තරහා ගත්තා... පුංචි දේටත් කේන්ති අරගෙන කෑ ගහලා සෝහී ගේ ඇගට කඩා පැන්නා....ඒත් ඒ හැම දවසකටම පස්සේ ආයේමත් පහුවදා සෝහීගේ ඇස් තමන්ව හොයන හැටි තේහයුන් දැක්කා... මුලු දවසම ඒ ඇස් ආදරනීය විදියට තමන් දිහා  බලාගෙන ඉන්න විදිය තේහයුන් දැක්කත් නොදැක්කා වගේ හිටියා...ඒ ආඩම්බර කමටද, එහෙමත් නැත්තම් වෙන හේතුවකටද කියලා තේහයුන් ට තේරුනේ නෑ......
ඒ කොහොම වුනත්  පහුගිය සති දෙක පුරාවටම සෝහීගේ ඇස් බැල්ම නැතුව තේහයුන් ට පාලු දැනුනා.....දවසින් දවස හිත පුරා හිස් කමක් ඉහිරිලා කියලා තේහයුන් ට තේරුනා..... හැම උදේකම සෝහීගේ මූන දකින්න තේහයුන් මග බැලුවා... නොඉවසිල්ලෙන් මග බැලුවා....
ඒ අතරේ හිටි හැටියේ හේසෝක් සෝහී ගැන කියපු දේවල්, පරන ලියුම,  ඩයරි එකේ තිබුන දේවල්  එක්ක සෝහී ආයේ කවදාවත් ම මාලිගාවට එන්නේ නෑ කියලා හේසෝක් කියපු විදිය මතක් වෙද්දි තේහයුන් ට තවදුරටත් තමන්ගේ හිත හංගන්න ඕන වුනේ නෑ.... තේහයුන් ට කීයටවත් ඕන වුනේ නෑ සෝහී ට යන්න දෙන්න.... ඉතින් අන්තිමට ආඩම්බර කුමාරයා සෝහීගේ ආදරනීය ඇස් බැල්ම ලග හිතට ඉඩ දුන්නා.....
____________________________________

🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)Where stories live. Discover now