🦋වෙනස් වෙන සිතුවිලි 07

470 143 26
                                    

ඒත් එක්කම විවර වුන දොරෙන් ඇතුලට ආපු කෙනා දැකපු තේහයුන් ට වාඩි වුන තැනින් නැගිටුනා... ඔලුව උස්සල බලපු ජන්කුක් හිනා වෙලා කුමාරයා දිහා බැලුවා....

"තේහයුන් ට මීට් වෙන්න ඕන කිව්වේ හන් සෝහීව නම්, ඔය ඉන්නේ අපේ හන් සෝහී!!"

ජන්කුක් කියපු දේ තේහයුන් ට ඇහුනද කියල නිනව්වක් තිබුනේ නෑ.. .තේහයුන් හිටියේ බිම බලාගෙන ඉන්න සෝහී දිහාම බලාගෙන...
කුමරුගේ කුටියට ඇතුල් වෙනවත් එක්කම දැකපු දර්ශනය සෝහීගේ හදගැස්ම වේගවත් කලා....  ජීසු සිද්ධ වුන දේ යන්තමින් කිව්වට පස්සේ සෝහීට ඕන වුනේ ඒ ඇත්ත ඇස් දෙකෙන්ම දකින්න.... ඒ නිසයි ජීසුට විවේක ගන්න ඇරලා සෝහී කුමාරයා ගේ ඖෂධ අරගෙන ආවේ...
හීන වලින් එබෙන කුමාරයා ඇත්තටම කිරුල හිමි කුමරු කියලා ජීසු කිව්වාත් සෝහීට ඕන වුනේ නෑ ඒක විශ්වාස කරන්න....ඊට වඩා සෝහී කැමති වුනා හීන කුමාරයා හොරෙක් වෙනවට.... කුමරු!! අත පොවන්න වත් බැරි ඈතක තියන සදාතනික හීනයක් බව සෝහී දන්නවා.... ඒත් සෝහී ආදරේ කරනවා....

සෝහී දිහාම බලාගෙන අඩියෙන් අඩිය තේහයුන් සෝහී ලගට ලං වෙද්දි,  අතේ තිබුන ට්‍රේ එක තද කරලා අල්ලගත්ත සෝහී හෙමින් අඩියක් පිටිපස්සට තිබ්බා... අඩි දෙකකින් පස්සේ තවත් යන්න තැනක් නෑ කියලා තේරෙන කොට තේහයුන් ගේ උනුසුම් හුස්ම සෝහීගේ කම්මුලකට දැනුනා.....

යටිතොල තදින් හපාගෙන ට්‍රේ එක තද කරලා අල්ලගත්ත සෝහී ඔලුව තවත් බිමට නවාගත්තා....
මේ අතරේ තේහයුන් හිටියේ මෙහෙමයි කියලා පහදන්න බැරි හැගීම් ගොන්නක අතරමං වෙලා... සෝහී දැක්කම හේතුවක් නැතුවම  තරහින් හිත පිරිලා යන බව විතරයි තේහයුන් ට තේරුනේ... ඒත් ඒ තරහා අස්සේ තරහකට වඩා වේදනාවක් හැන්ගිලා තියනවා වගේයි තේහයුන් ට තේරුනේ... හරියට පලිගැනීමක් වගේ!!! එහෙමත් නැත්නම් එකට එක කිරීමක් වගේ...!! ඒත් ඒ සිතුවිලි වලට හේතුවක් තේහයුන් ට තේරුනේ නෑ.... සෝහී දකින හැම වෙලාවකම තේහයුන් ට ඕන වුනේ ඒ හිත රිදවන්න.... ඒත් ඒ තිගැස්සෙන ඇස් අස්සේ නලියන කදුලු දැක්කම තේහයුන් ගේ හිතත් වේදනාවෙන් පිරෙනවා.....

සෝහී ලගටම ඇවිදගෙන ගිහින් සෝහීගේ ඇගේ ගෑවී නොගෑවී නැවතුන තේහයුන් ඇගිල්ලෙන් සෝහීගේ මූන උඩට ඉස්සුවා.... තදින් තොල හපාගෙන සන්සුන් වෙන්න උත්සාහ කරන සෝහීගේ විසල් වුන ඇස් තරහින් ගිනියම් වුන හදවත සිසිල් කරන කොට, අත් දෙකම සෝහීගේ කම්මුල් දෙපැත්තෙන් තියපු තේහයුන් හෙමින් සෝහීගේ මූනට එබුනා....

🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)Where stories live. Discover now