🦋. මං ආදරෙයි මගේ කැලෑ රෝස මල!! 35

537 142 56
                                    

වෙලාව උදේ දහය පහුවෙලා තිබුනා.... ඈතට විහිදුනු ස්ට්රෝබෙරි පැල අතරින් සෝහී හෙමි හෙමින් ඉස්සරහට ඇවිදගෙන ගියා..... නත්තලට තිබුනේ තව දවස් තුනක් විතරයි.... සෝහී අත්දෙක අකුලගෙන ස්ට්රෝබෙරි යායේ කෙලවරටම ඇවිදගෙන ගියා.... සෝහී ට පාලුයි.... සෝහීගේ මමා උදේම  එයාගේ කාන්තා එකමුතුවේ නොගිහින්ම බැරි  රාජකාරීයකට පිට වෙලා ගියා.... ගෙවුණු සති දෙකටම මමා සෝහී එක්කම හිටියා.... යන්තමින් ඉර එලිය වැටුන රෝස පාට පාන්දර මමා එක්කම ඇහැරෙන සෝහී, මමා හදන උනු කිරි එකත් අරගෙන සීතල මිදුලට එනවා.... මමාත් සෝහීගේ පැත්තකින් ඉන්නවා.....

මමා  ඉස්සර වගේම සෝහීට එයාගේ පුංචි කාලේ ගැන කියනවා, ඉදහිටක මාලිගාවේ ගෙවපු ලස්සන දවස් ගැන කියනවා.... දවස පටන් ගන්නේ හිනාවෙන්....අවසන් වෙන්නෙත් හිනාවෙන්මයි....සෝහීට දුකින් ඉන්න තනියම කල්පනා කරන්න වෙලාවක් මමා ඉතිරි කලේම නෑ....  ඒත් ඉදහිටක මමා මාලිගාවේ ගෙවුන දවස් ගැන කියද්දී, මැද්දෙන් පනින සෝහී,  "මමාට තිබුනේ අංකල් මියෑව් ට ආදරේ කරන්න!!! එහෙම වුනානම් ලෝකේ හොදම පපා ඉන්නේ මට!!"
කියලා කියනවා...... බර හුස්මක් පහල දාන සෝහීගේ මමා " ඔයාගේ පපා තමයි මං මේ ලෝකේ දැක්ක ආදරනීයම මනුස්සයා පැටියෝ!! " කියලා බිම බලාගන්නවා...එතනින් එහාට දීර්ඝ නිහැඩියාවක්!!! ඉදහිටක මහ රෑට අහස දිහා බලාගෙන ඉන්න සෝහි "මගේ පපා දැන් කොහේ ඇතිද මමා? අහසේ තරුවක් වෙලා?" කියලා හනා දිහා බලනවා....තරහින් ඇස් රතු කරගන්න හනා සෝහී ගේ කටට නොරිදෙන්න පාරක් ගහනවා...සෝහී බුම්මගෙන ගේ ඇතුලට දුවනවා....
 
පහුවදා උදේට හැමදේම අමතක කරලා ආයේත් සෝහී පුරුදු විදිහටම මමා එක්ක උදේ කිරි එක බීලා ඔහේ කියවනවා.... අද මමා නැති නිසා සෝහී තනියම කිරි කෝප්පේ බිව්වා... තාමත් සෝහී ගේ ඇතුලට ගියේ නෑ...දැන් පැය ගානක් තිස්සේ සෝහී ඔහේ එහා මෙහා ඇවිදින ගමන් ඉන්නවා.... සෝහී ට පාලුයි....
මමා සෝහීටත් යමු කියලා බල කලත් සෝහී අද ගෙදර නැවතුනා.... සෝහීට අද මාලිගාවට යවන තමන්ගේ සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලෑස්ති කරන්න තිබුනා.....මාලිගයට යැවෙන හැම ලියුමක්ම බදාදා දවසේ තැපැල් කාර්යාලයට බාර දෙන්න ඕන.....

සෝහී ස්ට්රෝබෙරි පාත්ති දිගේ ඇස් අරගෙන ගියා.... නත්තල් නිවාඩුවේ අන්තිම දවස් තුන සෝහී එක්ක ඉන්න එනවා කියලා සූමීයි ජීසුයි සෝහීට පොරොන්දු වුනේ මීට දවස් දෙකකට කලින්... සෝහී ගේ මූනේ හීන් හිනාවක් ඇදුනා..... ලස්සන සුදුපාට සමනල්ලු ජෝඩුවක් ස්ට්රෝබෙරි කොල අතරේ කෝලම් කරනවා.... සෝහී බර හුස්මක් ඉහල පහල දැම්මා....

🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)Where stories live. Discover now