🦋. අගමුල පැටලුන කථාව 17

458 145 42
                                    

"Professor ආපු දවසේ ඉදලම සෝහී ගැන ඇහුවා, කෝකටත් සෝහී ටිකක් පරිස්සමින්!!"

ගාර්ඩ්න් ටූල්ස් තිබුන බොක්ස් එක සෝහී වාඩිවෙලා හිටපු පුංචි බංකුව උඩින් තියලා අතේ තිබුන ග්ලවුස් දෙක ගලවන ගමන් ජීහූන් කිව්වා.... සෝහී ඇස් හීන් කරලා ජීහූන් දිහා බැලුවා.....

"ඇයි ජීහූන් එහෙම කියන්නේ?"

සෝහී කුතුහලෙන් ඇහුවා...

"ම්හ්!! එදා professor කලන්තේ දාලා නැගිටපු හැටියේම ඇහුවේ සෝහී ගැන, මට නිකමට හිතුනා professor කලන්තේ දැම්මේ සෝහී ව දැකලද කියලත්!"

ජීහූන් හෙමින් කිව්වා...

"යාහ් ජීහූන්!! මට එච්චර බය හිතෙන පෙනුමක්ද තියන්නේ?"

ජීහූන් ගලවලා තියපු ග්ලවුස් එකක් දාලා ජීහූන්ටම ගහන ගමන් සෝහී සද්දෙන් ඇහුවා....ජීහූන් උරහිස් ඇකිලුවා....

"තමුන්ට මම....."

වාඩි වෙලා හිටපු තැනින් නැගිටපු සෝහී ජීහුන් ලගට යද්දී, අත්දැකීමෙන් සෝහීගේ හැට් දන්න නිසාම ජීහූන් ඉක්මනින් සෝහීගේ අත්දෙක අල්ල ගත්තා....

"යාහ් විහිලු නෙවෙයි සෝහී!! එදායින් පස්සේ ගාර්ඩ්න් එකට ආපු හැම දවසකම professor ඔයා ගැන ඇහුවා.... ඔයා ගැන විතරක් නෙවෙයි ක්‍රවුන් ප්‍රින්ස් ගැනත් ඇහුවා.... මට හිතෙන්නේ professor ට මොකක් හරි අවුලක් තියනවා!!"

ජීහූන් කිව්වා....

"අවුලක්!!"
සෝහී ඇහුවා....

"හ්ම්!! කුමාරයා උද්යානේ ප්ලෑන් එකයි, පරන වෙලා ගිය පොතකුයි තියාගෙන professor වෙලාවකට වරු ගනන් තනියම කියවනවා, වෙලාවකට තනියම හිනා වෙනවා.... වෙලාවකට පුදුම වෙලා වගේ කෑ ගහනවා!!"

සෝහීගේ අත් දෙක දෙපැත්තට වනන ගමන් ජීහූන් කල්පනාකාරී හඩින් කිව්වා.... සෝහී කුතුහලෙන් ජීහූන් දිහා බලාගෙන හිටියා....

ඒ නිසාම දෙන්නම දැක්කේ නෑ ටික වෙලාවක ඉඳන් එයාලා දිහා බලාගෙන ඉන්න රතු වුන ඇස් දෙක....
කවදද කොහොමද කියලා තේරුමක් නැතත් තේහයුන් ගේ හිතේ හරි ලස්සන පුංචි කැලෑවක මතකයක් තිබුනා..... වයසින් වැඩෙන කොට තේහයුන් ට ඕන වුනා ඒ වගේ තැනක් ගැන හොයලා බලන්න.... ඒත් කොරියාවේ දන්න කියන හැමෝම ලවා හොයලා බැලුවත් තේහයුන් ට එහෙම තැනක් ගැන දැනගන්න ලැබුනෙ නෑ.... ඒ හිතේ ඇදුන සලකුනු අනුව ඒ තැන අනිවාරෙන් ම කොරියාවේ තැනක් කියලා තේහයුන් ට තේරුනා.... ඒත් අවුරුදු විස්සක් ම ඉංග්ලන්ඩ් වල ජීවත් වුන තමන්ට කොරියාවේ තැනක් ගැන විශේෂ මතකයක් තියන එක පුදුමයකට කාරනාවක් කියලා තේරුනත් තේහයුන් ට ඒ තැන හිතින් අමතක කරලා දාන්න පුලුවන් කමක් තිබුනේ නෑ.....

🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)Where stories live. Discover now