PROLOGUE

812 89 6
                                    

සීතල සුළගක් එක්ක සෝල් අග නුවර අහස පුරාම අදුර පැතිරිලා ගිහින් තිබුණෙ වැස්සක් ළගම එන බව හගවමින්. වෙනදට දිප්තිමත්ව අහස පුරා බබලුන තරු කැට, අද තිබුනෙ නෑ. එවා වැහි වලාකුලු ගිලගෙන තිබුනෙ අහස හිස්, පාලු අවකාශයක් බවට හරවමින්. දවල්ට වාහන වලින් වගේම මිනිස්සුන්ගෙනුත් අඩුවක් නැති කලබලකාරී සොල් නගරයේ වීදි ගොඩාක් රෑ වෙලා තිබුන නිසා මේ වෙද්දි පාලුවට ගිහින්. කේලි හිටියෙ ඇනිමල් ක්ලීන්ක් එකේ ඉදලා ගෙදර යන ගමන්. ඔව් කේලි කියන්නෙ පශු වෛද්‍යවරියක්. ක්ලීනික් එකේ වැඩ ඉවර වෙලා පයින්ම එයාගෙ අපාර්ට්මන්ට් එකට යන්න කෙල්ල පුරුදු වෙලා හිටියා. පාළු පාර දිගේ ඇවිදන් ගිය කේලිගෙ හිතට වෙනදාට වඩා අමුතු හැගීම් ගොඩාක් ආවා. අපාර්ට්මන්ට් එක ළගටම ආපු කෙල්ල බිල්ඩින් එකේ පහල ඉදන් උඩටම බලලා දිගු හුස්මක් නිදහස් කරේ දෙතොලතර ඇදුන පුංචි හිනාවක් කෙල්ලව ලස්සන කරද්දි. කේලි දොර ළගට යනකොට ගෙදර දොර භාගෙට ඇරලා දාලයි තිබුනෙ. ලොක් එකට අත තියපු කෙල්ල හිමින් දොර පස්සට තල්ලු කරේ මහ අමුතු භයක් හිතට දැනෙද්දි. මුලු ගේම අදුරුයි.

හෙමින් ගේ ඇතුලට ගිය කේලි බිත්තිය පුරාම අත යවලා අමාරුවෙ ස්වීච් එක හොයාගෙන ගෙදර ලයිට්ස් ඔන් කරා.

" මොකද මේ වෙලා තියෙන්නෙ "

මූණෙ තිබුන හිනාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යද්දි කෙල්ල කටත් අත් දෙකෙන්ම වහගෙන හිමින් මිමිණුවෙ මුලු ගෙදරම බඩු එහෙ මෙහෙ විසි වෙලා තියනවා දැකපු නිසයි. කේලිගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.

" අම්මා....තාත්තා..ඔයාලා කොහෙද..?.."

කෙල්ල ඉක්මනින් ගේ ඇතුලට දිව්වෙ බිම හැමතනම විසිවෙලා කැඩිලා බිදිලා තිබුන බඩු දිහා ඇසුත් ලොකු කරගෙන බලන ගමන්. කේලි හැමතනම එයාගෙ දෙමව්පියන්ව හේව්වා. කෙල්ලට ගොඩාක් බය හිතුනා.

" God damn it...ඇයි මේ...
අම්මා තාත්තා ඔයාලා කොහෙද...අනේ මාව බය කරන්නෙ නැතුව එන්නකෝ...🥺 "

කේලිගෙ ඇස් වලට කදුලු පිරෙද්දි
කෙල්ල අන්තිමට දිව්වෙ අම්මාගෙයි තාත්තාගෙයි බෙඩ් රූම් එකට. ලොක් එකට අත තියලා දොර හෙමින් පස්සට තල්ලු කරාම " ක්‍රීස් " හඩත් එක්ක දොර ඉබේම ඇරුනා. කේලි හිටපු තැනම ගල් උනේ උගුර කට වේලිලා,ඇග වෙව්ලන්න පටන් ගනිද්දි. කෙල්ලගෙ කම්බුල් කදුලු වලින් තෙමෙද්දි කේලිට දැනුනෙ එයාගෙ හද ගැස්ම නතර උනා වගේ හැගීමක්.

" අ..අ..ම්..මා....ත..ත්..තා... "

කෙල්ලගෙ කටින් ඉකියක් එක්ක පිට වුනේ ඒ වචන දෙක විතරමයි. කේලිගෙ අම්මයි තාත්තයි ලේ විලක් මැද රූම් එක ඇතුලෙ බිම වැටිලා හිටියා.
කෙල්ල දුවගෙන ගිහින් ඒයාගෙ අම්මාගෙ නිසල සිරුර ළග දනින් වැටුනෙ ඇස් අගින් ගිලිගෙන කදුලු අලුත් වෙද්දි.

" අම්මා....තාත්තා...!!!!..
අනේ...අ...අනේ නැ..නැගිටින්නකෝ.....
මොකද්ද මේ උනේ...ක..කවුද ඔයාලට මේ අපරාදෙ කරේ...😭..."

කේලි අම්මාගෙ හිස එයාගෙ උකුල උඩින් තියා ගන්න ගමන් එයාගෙ වෙව්ලන අත් වලින් අම්මාගෙ කම්මුලට තට්ටු කරා. කේලි දැනගෙන හිටියා එයාගෙ අම්මා එයාව දාලා ගිහින් බව. ඒත් කේලිගෙ හදවත ඒක පිළිගන්න කැමති උනේ නෑ.

" ක්...කේ...ලී..."

කේලි එයාගෙ අම්මගෙ නිසල සිරුර බදාගෙන කෑ ගහලා අඩද්දි කෙල්ලගෙ කනට වැටුනෙ එයාගෙ තාත්තාගෙ බිදුණු කටහඩ. අඩන එක මොහොතකට නතර කරපු කෙල්ල හිමින් ඔලුව හරවලා එයාගෙ තාත්තා දිහා බැලුවෙ පුංචි බලාපොරොත්තුක් හිතේ ඇති වෙද්දි. මිස්ට ඇලන් භාගෙට පියවුන ඇස් වලින් කේලි දිහා බලන් ඉන්නවා. ඒ ඇස් වල කදුළු පිරිලා.

" ත්..තා...ත්..තා...."

ඔම්මගෙ ඔලුව හෙමින් එයාගෙ උකුලෙන් අයින් කරපු කේලි ඉක්මනි ගිහින් එයාගෙ තාත්තා ළග බිමින් ඉදගෙන තාත්තාව බදා ගත්තෙ හයියෙන් හුස්ම ගන්න ගමන්.

" කේ..ලී..."

" තා..ත්...තා...මම...මම...ඇම්බියුලන්ස් එකකට කතා කරන්නම්...ඔ...ඔයා...බය වෙන්න එපා හො..හොදද ...ඔයාට...
ඔයාට මුකුත් වෙන්නෙ නෑ..." 😢

කෙල්ල එතනින් නැගිටලා යන්න හදදි තාත්තා කේලිගෙ අත තදින් අල්ල ගත්තෙ කියාගන්න බැරි වේදනාවක් ඇස් වල හිර කරන්.

"මෙ..හෙන්...ය...න්..න...පු..තේ....
එයා..ලා...ආ..පහු..එ..යි......
ඔ...යාව..ත්.....ම..රයි..."

" කවුද එයාලා....ක..කටද මාව මරනන ඕනෙ..."

කේලි අඩ අඩ ඇහුවා.

" වෘ...වෘක..යෝ..."

තාත්තා කියපු අන්තිම වචනෙ තමයි ඒක. මිස්ට ඇලන්ගෙ අවසන් හුස්ම පොද වාතයට නිදහස් වෙද්දි කේලිගෙ අතින් තද කරලා අල්ලන් හිටපු තාත්තාගෙ අත ඒ අතින් ගිලිහුනේ කේලි හැගීම් විරහිත මූණකින් ඒ දිහා බලන් ඉද්දි.

" තාත්තා....!!! " 😭

කේලිට පුලුවන් උනේ අඩන්න විතරයි. අම්මාගෙයි තාත්තාගෙයි ලේ තැවරුන තමන්ගෙ වෙව්ලන අත් දිහා බලාගෙන කේලි ඇඩුවා. හයියෙන් කෑ ගහලා ඇඩුවා.

______________________________________

හේ හේ 🥱💔

Please Vote and Comment 🙂❤

See you with first Chapter
Bye ✨

Silver Shadow | PJM ✓Where stories live. Discover now