CHAPTER 01

702 83 14
                                    

" සමිඳුනි,

ඔබගේ අතේ අපි නිහතමානීව අපගේ ඇලන් සහෝදරයා සහා ඇලන් සහෝදරිය භාර දෙන්නෙමු.
මේ ජීවිතයේ දී ඔබ ඔබේ මුදු මොළොක් ආදරයෙන් ඔවුන්ව වැළඳ ගත්තා,
සෑම නපුරකින්ම ඔවුන්ව දැන් ගලවා සදාකාලික විවේකයක් දෙන්න.
පැරණි පිළිවෙල පහව ගොස් ඇත, ඔවුන්ව පාරාදීසයට සාදරයෙන් පිළිගනිමු.
එහිදී දුකක්, හැඬීමක් හෝ වේදනාවක් නැත,
නමුත් ඔබේ පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන් සමඟ සදහටම සාමයේ සහ ප්‍රීතියේ පූර්ණත්වය.

ආමෙන්.... "

පියතුමා තමන්ගෙ මියගිය දෙමව්පියෝ වෙනුවෙන් යාක්ඥා කරද්දි කේලි ඒ දිහා බලන් හිටියෙ හිස් හැගීමකින්. කෙල්ලගෙ ඇස් වලින් කදුලු ආවෙ නෑ. තවත් අඩන්න ඒ ඇස් වල කදුළු ඉතුරු වෙලා නෑ.

දැනෙන තරමට අඩන්න,
ඇස් යට මහා සාගරයක් නෑනෙ..

ගොඩාක් අඩපු නිසා වගේම දවස් දෙකක් තිස්සෙ හරි හැටි නින්දක් නොලැබුන නිසා කේලිගෙ ඇස් ඉදිමිලා,ඒ වගේම ඇස් යට කළු වෙලා.
සුදුමැලි උන මූණ,වේලුණ තොල් වගේම වෙව්ලන අත් වලින් කෙල්ල කොච්චර දුර්වල වෙලාද කියන්න හොදින්ම පෙනුනා. ෆියුනරල් එකේ වැඩ ඉවර උනාට පස්සෙ කේලි Cemetery එකේ ගල් බංකුවක වාඩි උනේ හයියෙන් හුස්ම ගන්න ගමන්.

" කේලි අපි යමු "

එමා කෙල්ලගෙ උරහිසට අත තියලා කියද්දි කේලි ඔලුව වනලා එමාගෙ අතට වාරු වෙලා බෙන්ච් එකෙන් නැගිට්ටා.
දවස් දෙකක් තිස්සෙ කෙල්ල කිසිම කෙනෙක් එක්ක වචන දෙක තුනකට වඩා කතා කරේ නෑ. කේලි එමාත් එක්කම සෙමෙට්‍රි එකෙන් එළියට ගියෙ ඇවිදින මළ මිනියක් ගානට.
__________________

කලුවර වැටෙන්න ලගයි.
අන්ධකාරය ආලෝකමත් පරිසරය ගිල ගමින් තිබුනා. Glass Wall එක ඉස්සරහා හිටගෙන හිටපු ජිමින්ගෙ ඇගට වැටුන ළා හිරු එළිය නිසා ඒ වෙලාවෙ ජිමින්ගෙ තිබුනේ අමුතුම ලස්සනක්. කොල්ලා සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන ලොකු වීදුරු බිත්තියෙන් පේන කලබලකාරී සෝල් නගරය දිහා බලාගෙන හිටියා.

TH~ ජිමින්

JM~ ම්ම්ම්....

TH~ ප්‍රශ්නයක්....

Silver Shadow | PJM ✓Where stories live. Discover now