JN~ පාර්ක් ජිමින්..!!
සෝෆා එකේ ඉදගෙන ෆෝන් එකට මූණ ඔබන් හිටපු ජිමින් ගැස්සිලා ගිහින් ඔලුව උස්සලා කතා කරපු කෙනා දිහා බැලුවා. ජින් අත් දෙකත් හරහට බැදගෙන සෝස් පෑන් එකකුත් අතේ තියන් ජිමින් දිහා රවාගෙන බලන් ඉන්නවා.
JM~ හි..හියොන්..ඇයි මේ...
JN~ උබ කේලිට ගැහුවද..??...
ජින් එයාගෙ අතේ තිබුන සෝස් පෑන් එක ජිමින්ගෙ පැත්තට දික් කරන ගමන් අහද්දි ජිමින් ටිකක් පිටිපස්සට බර වෙලා ඇගිලි දෙකකින් සෝස් පෑන් එක පස්සට කරා.
JM~ අහ් ඒක පොඩි වැරදීමක්....
ජිමින් ඇසුත් චූටි කරලා අහිංසක විදිහට හිනා වෙන ගමන් කිව්වා.
JN~ උබට මං...
ජින් ජිමින්ට ගහන්න සෝස් පෑන් එක උස්සද්දි ජිමින් සෝෆා එකෙන් නැගිටලා දුවන්නයි ගියෙ.
💥
JM~ අහ්....😫💔....
ජින්ගෙ සෝස් පෑන් ප්‍රහාරයක් කොල්ලාගෙ පස්චාත් භාගයට එල්ල වෙද්දි ජිමින් ජින්ගෙන් බේරෙන්න ලිවින් රූම් එක පුරාම දුවන්න පටන් ගත්තා. කොල්ලාගෙ සද්දෙට ඇහිලා කට්ටියම ලිවින් රූම් එකට දුවන් ආවෙ තුන්වෙනි ලෝක යුද්දෙ සිල්වර් වුල්ෆ් පැක් හවුස් එකේ ආරම්භ වෙලා බව ඉවෙන් වගේ තේරිලයි.
YG~ ඔයාලට ශුවර්ද ජිමින් අපේ ඇල්ෆා කියලා.
සුගා තඩි ඈනුමක් අරින ගමන් අහද්දි කට්ටියම හිනා උනා. සතියකට සැරයක් කවුරුම හරි කෙනෙක් ජින්ගෙ සෝස් පෑන් ප්‍රහාරයට ලක් වෙනවා. ඒක මේ වෙද්දි පැක් හවුස් එකේ සාමාන්‍ය දෙයක්. ගිය සතියෙ ගුටි කෑවෙ නම්ජූන්. කොල්ලා ජින්ගෙ පෞරාණික මල් වාස් එකක් බිදලා. සෝආට නම්ජූන්ට තෙල් බේත් ගාන්නත් උනා අන්තිමට.
JM~ යාහ් හියොන්...!!
ඕක නවත්තනවා හලෝ...ඔයාට බෑ මට මෙහෙම ගහන්න...මම ඔයාගෙ ඇල්ෆා...ජිමින් සෝෆා එක උඩින් අනිත් පැත්තට පැනලා ජින්ව මග හරින්න උත්සාහ කරන ගමන් කිව්වා.
JN~ ඇල්ෆා නෙවෙයි...උබ එංගලන්තෙ මහා රජ්ජුරුවෝ උනත් මේ ජින් හියොන්ට උබ එයාගෙ මල්ලි....උබ මහලොකු ඇල්ෆා නිසාද අර අහිංසකීට ගැහුවෙ...
YOU ARE READING
Silver Shadow | PJM ✓
WerewolfDon't copy my work 🚫 PARK JIMIN | MAIN Sinhala fanfiction Silver shadow ____________________ " Please Leave me...මට යන්න දෙන්න..." " ඔයා මගෙ මේට්...ඔයාට බෑ මාව දාලා යන්න..." " නෑ නෑ නෑ...I'm not your f*cking mate...මම මනුස්සයෙක්...මාව අතාරිනවා...