CHAPTER 10

502 68 5
                                    


After 03 days

Night 🌙

මිරර් ටේබල් එක ඉස්සරහා හිටගෙන ශර්ට් එකේ බොත්තම් දාන ජිමින් දිහා කේලි ඇදේ ඉදන් මූණ බෙරි කරන් බලන් උන්නෙ අත් දෙකත් පපුව හරහට බැදගෙන.

JM~ ඔහොම බැලුවට වැඩක් නෑ...මට කරන්න දෙයක් නෑ..මට ඔයාව ඇහෙනවා....

ජිමින් මිරර් එකෙන් පේන කෙල්ලගෙ රූපෙ දිහා බලන් කියද්දි කෙල්ල හොද හුස්මක් පහතට හෙලුවා.

KL~ ඒක අසාධාරණයි..දැන්ම මගෙ හිත කියවන එක නවත්තන්න..

JM~ මම ඒක උවමනාවෙන් කරන්නෙ නෑ..මාක් කරාට පස්සෙ එකිනෙකාගෙ හැගීම් එයාලට දැනෙන එක සාමාන්‍යයි..

ජිමින් කිව්වෙ කෙල්ලගෙ පැත්තට ඇවිදගෙන එන ගමන්.

KL~ ඕක තනිකරම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්..නිදහසේ සිතීමේ නිදහස නැති කරලා මගෙ.

කෙල්ල ජිමින්ට රවලා අහක බලා ගත්තා.

JM~ ඔයා හිතන දේවල් මට ඇහෙනවට ඔච්චරම අකමැති මොකද ආආ....

ජිමින් කෙල්ල ලගින් වාඩි වෙන ගමන් අහද්දි කේලි ජිමින් දිහා බැලුවෙ ඕනවාට එපාවට.

KL~ මම කෙල්ලෙක්නේ..මම හිතන හැමදෙයක්ම ඔයාට ඇහෙනකොට මට ලැජ්ජයි නේ..

කෙල්ල කිව්වෙ අත්වල ඇගිලි එකට පටලව ගන්න ගමන්. ජිමින්ට නම් හිනා මේ කෝලම් වලට. කේලි හිතන දේවල් ජිමින්ට ඇහෙනවා කියලා ජන්කුක් කියපු වෙලාවෙ ඉදලා කේලි ජිමින් එක්ක වලි. කෙල්ල මුකුත්ම හිතන්නෙ නැතුව ඉන්න ට්‍රයි කරනවා. ජිමින් කෙල්ලගෙ මූණට වැටිලා තිබුන කොණ්ඩ කැරැල්ල එයාගෙ ඇගිලි තුඩු වලින් කේලිගෙ කන පිටිපස්සෙ රදවලා කෙල්ලගෙ මූණ තමන්ගෙ අත් අතරට මැදි කර ගත්තා.

JM~ ඉතින් ඒකට..ඔයා වැරදි දේවල් හිතන්න එපා...

ජිමින් කෙල්ලගෙ මූණට ළං වෙලා ඩීප් වොයිස් එකකින් කියද්දි කෙල්ලගෙ රෝස කම්මුල් රතු උනා.

JM~ ඔයා රතු උනාම හරිම කියුට්..හරියට ස්ටෝබෙරි ගෙඩියක් වගේ..හැබැයි සුවදින්නම් රෝස මලක්.

ජිමින් කිව්වෙ කෙල්ලගෙ උරහිසට වැටිලා තිබුණ කොණ්ඩෙ පස්සට කරන ගමන්. ජිමින් කෙල්ලගෙ මූණ පුරාම එයාගෙ ඇස් අරගෙන ගියා. කොල්ලාගෙ ඇස් නතර උනේ කේලිගෙ රෝස තොල් පෙති ළග. ජිමින් කෙල්ලගෙ තොල් දිහා බලලා කේලිගෙ ඇස් දිහා බැලුවෙ ඒ රෝස තොල් වල පහස ගන්න අවසර ඉල්ලන්න වගේ.

Silver Shadow | PJM ✓Where stories live. Discover now