FAINAL CHAPTER

752 74 20
                                    

SH~ දොර අරිනවා...

සන්ගී හීගෙ දිළිසෙන ඇස් දිහා බලන් උන්න ගාඩ් සන්ග් හීගෙ අණට කීකරු වෙලා කූඩුවෙ යකඩ දොර ඇරිද්දි කේලි ඇතුලට දුවගෙන ගියෙ ජන්කුක්ව බලාපොරොත්තුවෙන්.

KL~ ජන්කුක්..🥺💔

අපිරිසිදු තෙත බිමක ජන්කුක් වැතිරිලා හිටියෙ අත් පා යකඩ දම්වැල් වලට හිර වෙලා තියෙද්දි. කොල්ලගෙ මූණෙ තැන් කිහිපයකම ලේ ගල් උන තුවාල තිබුනා.

JK~ ක්..කේලී...

ජන්කුක් අමාරුවෙන් කෙල්ලගෙ නම මුමුණද්දි කේලි කොල්ලා ලග බිමින් දණ ගහ ගත්තා.

KL~ ඔම්මා...අනේ එයාව ලිහන්න කියන්නකෝ..🥺

කේලි කොල්ලාගෙ මූණ වැහෙන්න වැටිලා තිබුන කළු කොණ්න්ඩෙ පස්සට කරලා කිව්වෙ ජන්කුක්ගෙ කම්මුල සිනිඳුවට පිරිමදින ගමන්.
සන්ග් හී අණ කරද්දි ගාඩ් එකට හිටපු බ්ලැක් වුල්ෆ් ජන්කුක්ව ලෙහුවා.

KL~ නැගිටින්න...කූ...ඔයා හොදින්ද..?..

කොල්ලාට නැගිටින්න උදව් කරපු කේලි ඇහුවෙ ජන්කුක්ව තදින් වැළද ගන්න ගමන්.

JK~ ම..මම.. හොදින්..කේලි...

කොල්ලාත් කේලිව හග් බැක් කරන ගමන් කිව්වා.

SH~ ඉක්මන් කරන්න අපි යන්න ඕනෙ....

සන්ග් හී කියද්දි ජන්කුක් සන්ග් හී දිහාවට දැම්මෙ ප්‍රශ්නාර්ථ බැල්මක්.

KL~ කූ...මේ ජිමින්ගෙ ඔම්මා...

කේලි කියද්දි ජන්කුක් කෙල්ල දිහාත් සන්ග් හී දිහාත් මාරුවෙන් මාරුවට බැලුවෙ පුදුමයෙන් ලොකු උන ඇස් වලින්.

JK~ හියොන්ගෙ ඔම්මා...??..

ජන්කුක් අහද්දි දෙතොලතර ඇදුනු පුංචි හිනාවක් එක්ක කෙල්ල ඔළුව වැනුවෙ ඔව් කියන්න.

SH~ එන්න යමු...අපිට වැඩි වෙලාවක් නෑ...

සන්ග් හී කියද්දි ඔළුව වනපු කෙල්ල ජන්කුක්වත් එයාගෙ ඇගට වාරු කරන් සන්ග් හී ගෙ පස්සෙන් බංකරෙන් එළියට ආවා.

මේ වෙද්දි අදුර මුළු පරිසරයම වෙලාගෙනයි තිබුණෙ. හිර කූඩුවෙන් එළියට එනවත් එක්කම සන්ග් හීගෙ හිතට දැනුනෙ මහා අමුතු හැගීමක්. සන්ග් හී කේලි,ජන්කුක් දෙන්නවත් එක්කන් ගේට් එක ලගට ආවෙ පුලුවන් ඉක්මනට බන්ග්ලෝ එකෙන් එළියට යන්න හිතන් උනත් ගාඩ්ලා දෙන්නෙක් එයාලගෙ ගමනට හරස් උනා.

Silver Shadow | PJM ✓Where stories live. Discover now