CHAPTER 11

512 69 5
                                    

After 2 days

කෙල්ල උදේ ඉදලම උන්නෙ මාරම කම්මැලිකමේ. මොකද අද සෝආත් ගෙදර නෑ. නම්ජූන්,ජිමින් දෙන්නා ඔෆිස් ගිහින්. කෙල්ල කරේ උදේ ඉදලා ජන්කුක් එක්ක Tv එක ඉස්සරහා ඉදගෙන පොරි කකා Film බලපු එක. ෆිල්ම් බලනවා කෙසේ වෙතත් කුකීගෙ උරහිසට ඔළුව තියන් නිදි කිරපු එක තමා ඉතින් 98% ක්ම කරේ. මොකද කේලී ෆිල්ම් බලන්න වැඩිය කැමති කෙනෙක් නෙවෙයිනෙ.

JK~ යාහ්..!!
කේලී...ඔයා නිදිද ඔය..??...

ජන්කුක් කෑ ගහද්දි කොල්ලාගෙ උරහිස උඩ නිදන් උන්න කෙල්ලව ගැස්සිලා ඇහැරුනා.

KL~ අනී...

කෙල්ල ඇස් දෙකත් අත් වලින් පොඩි කරන ගමන් කිව්වෙ හුරතල් විදිහට.

JK~ නිදිමත නම් ගිහින් නිදා ගන්න..නැත්තම් මූණ හෝදන් එන්න.. ඔයා ඔහොම නිදි කිරද්දි මටත් නිකං නිදිමතයි වගේ අප්පාහ්...

එහෙම කියපු කොල්ලා කේලිගෙ ඔඩොක්කුවෙ තිබුන පොප්කෝන් එකෙන් අහුරක් අරන් කටට දාගත්තා.

KL~ හරි...හරි..මම ගිහින් මූණ හෝදන් එන්නම්...

අතේ තුබුන පොරි එක ජන්කුක්ගෙ අතට දුන්න කෙල්ල කුකීටත් ඔරවලා සෝෆා එකෙන් නැගිටලා පඩි පෙල පැත්තට ගියෙ කොල්ලාට ගස්සන්නත් අමතක නොකරමයි. කේලි යන දිහා ජන්කුක් බලන් උන්න හිනාවෙවී.

----------------------

Afternoon ( 4.05 p.m )

KL~ මට කම්මැලී...ඒ වගේම පාළුයි..ගොඩාක්..අනේ එන්නකෝ ජිමින්..

රූම් එකේ බැල්කනි එකේ වැටට අත් දෙක තියන් සන්ද්‍යා අහසෙ සුන්දරත්වය විදිමින් හිටපු කේලි ඇහෙන නෑහෙන ගානට මුමුණලා ඇස් පියාගෙන හොද හුස්මක් ගත්තා. සීතල සුළගක් ඇගේ දැවටෙද්දි උඩට කරලා බැදලා තිබුන කොණ්ඩෙන් ගිලිහුන කෙහෙරැල් කෙල්ලගෙ මූණ පුරා දග කරන්න ගත්තෙ කේලිව තවත් ලස්සන කරමින්. ටික වෙලාවක් යනකොට ඉනවටේ යමක් ස්පර්ශ වෙනවා දැනෙද්දි කෙල්ලගෙ මූණට ආවෙ අහිංසක හිනාවක්. ඒ ස්පර්ශ,ඒ සුවද කේලිට හොදින් හුරුයි.

KL~ ජිමින්...

කෙල්ල මිමිණුවෙ හිනාවක් අතරින්.
ජිමින් එයාගෙ අත් කෙල්ලගෙ ඉන වටේ පටලවගෙන කේලිව බැක් ගහ් කරලා කෙල්ලගෙ බෙල්ල අස්සෙ මූණ හංගගෙන ඒ සුවද වින්දෙ හරිම ආදරෙන්.

Silver Shadow | PJM ✓Where stories live. Discover now