CHAPTER 03

565 75 12
                                    

JM~ කේලි වොශ් එකක් දාගෙන මේක ඇදගන්න.

ජිමින් එයාගෙ ලොකු ටී ශර්ට් එකක් කෙල්ලගෙ පැත්තට දික් කරන ගමන් කිව්වා.

KL~ මට එපා...

JM~ ඇයි ඔච්චර මුරණ්ඩු...??..කියනදේ අහලා ගිහින් වොශ් එකක් දාගන්න..

KL~ මට බෑ....ඔයා මෙතනින් යන්න...මට පාඩුවෙ ඉන්න දෙන්න..

JM~ මේක මගෙ රූම් එකනේ...මම වෙන කොහෙ ඉන්නද..?...

කොල්ලා යටි තොලත් පිට පෙරලගෙන හුරතල් විදිහට කියද්දි කේලි ඉදන් හිටපු තැනින් නැගිට්ටා.

KL~ එහෙනම් මම යන්නම්...

කේලි ඉස්සරහට ගියාට වඩා වේගෙන් පිටිපස්සට ඇදිලා ඇවිත් කෙල්ලගෙ පිට ජිමින්ගෙ පපුවට හේත්තු උනේ කොල්ලා කේලිගෙ අතින් ඇදලා ගත්ත නිසයි.

JM~ ඔයාට කොහෙවත් යන්න බෑ....

ජිමින් කේලිගෙ කන්පෙත්තෙ ගෑවි නොගෑවි මිමිණුවෙ කෙල්ලගෙ හදවත වේගෙන් ගැහෙද්දි. කොල්ලා කේලිගෙ උරහිස් දෙකෙන් අල්ලලා කෙල්ලව තමන්ගෙ පැත්තට හරව ගත්තා.

JM~ කේලි මේක තමයි දැන් ඔයාගෙ ගෙදර ඔයා මෙහෙ ඉන්න ඕනෙ..

කේලි කොල්ලාගෙ අත් එයාගෙ උරහිස් වලින් අයින් කරලා අඩියක් පස්සට උනා.

KL~ මම එහෙම නොකලොත්...ඔයා මාවත් මරනවද..??...

කෙල්ල අත් දෙකත් හරහට බැදගන්න ගමන් කට කොනකින් හිනා වෙලා ඇහුවා.

JM~ කේලි මේ අහන්න මම__

KL~ මට මුකුත් අහන්න ඕනෙ නෑ...

කෙල්ල ජිමින්ගෙ වචන හරස් කරමින් කිව්වා.

KL~ මගෙ අම්මායි,තාත්තයි මට නැති උනේ ඔයා නිසා ජිමින්....
එදා ඔයාට මැරෙන්න දෙන්නයි තිබුනෙ,
එහෙම උනානම් අදටත් මගෙ පවුලෙ අය ජීවත් වෙනවා... සතුටින් ජීවත් වෙනවා...

කේලි එහෙම කියද්දි ජිමින් කෙල්ලගෙ ඇස් දිහා බලන් හිටියෙ හිස් හැගීමකින්.

JM~ ඔව්...!!
එයාලා මැරුනෙ මන් නිසා...ඒක හරි...ඒත් මම නිසා ඔයත් මැරෙනවා බලන් ඉන්න මට ඕනෙ නෑ...මට ඔයාව ආරක්ශා කරන්න දෙන්න....

Silver Shadow | PJM ✓Where stories live. Discover now