CHAPTER 02

624 78 17
                                    

KL~ එතකොට දැන් ඔයා මට කියන්නෙ ඔයා වෙයාවුල්ෆ් කෙනෙක් කියලද..??...

කේලි උපහාසාත්මක විදිහට හිනාවෙන ගමන් ඇහුවා.

JM~ මම දන්නවා ඔයාට ඒක විශ්වාස කරන්න අමාරුයි කියලා...මොකද ඒක හුගාක් සංකීර්ණයි.. ඒත් තේරුම් ගන්න උත්සාහ කරන්න...

KL~ මේක සුරංගනා කතාවක් නෙවෙයි...විහිලු කරන එක නවත්තන්න...ප්ලීස්...

JM~ මේක විහිලුවක් නෙවෙයි කේලි මම තමයි ඔයාගෙ රිදී හෙවනැල්ල...

ජිමින් කේලිගෙ අතින් අල්ලන්න උත්සාහ කරන ගමන් කියද්දි කේලි කොල්ලාගෙන් ඈත් වෙලා ඇදෙන් නැගිට්ටා.

KL~ මාව අල්ලන්න එපා...මගෙන්...මගෙන් ඈත් වෙලා ඉන්න...

JM~ හරි හරි....මම ඔයාව අල්ලන්නෙ නෑ හොදද...කලබල නොවී ඉදන්නකෝ...

ජිමින් කියද්දි කේලි ආයෙම ඇද උඩින් ඉදගත්තා. එයාගෙ අත් වල ඇගිලි කොණ්ඩෙ අතරින් යවපු කෙල්ල කොණ්ඩෙ හයියෙන් ඇදගත්තෙ මේ වෙන කිසිම දෙයක් එයාට තේරුම් ගන්න බැරි උන නිසයි.

JM~ කේලි ඕක නවත්තන්න...

ජිමින් කේලිගෙ අත් කොණ්ඩෙන් අයින් කරලා එකට තියලා තද කරලා අල්ල ගත්තා.

JM~ ඔයා බයවෙන්නෙ නැත්තම් මම ඔයාට ඒක ඔප්පු කරන්නම්.

KL~ මොනවද..??...

JM~ ඔයාගෙ රිදී හෙවනැල්ල.. ඒ මම කියලා... මන් දන්නවා ඔයාට විශ්වාස නෑ කියලා.

කේලි ජිමින්ගෙ ඇස් දිහා බලන් හිටියෙ හැගීම් විරහිත මූණකින්. ඇදෙන් නැගිටපු ජිමින් එයා ඇදගෙන හිටපු සුදුපාට ටී ශර්ට් එක ගැලෙව්වෙ කේලිව තවත් බය කරලා.

KL~ මො..මොනවද ඔය කරන්නෙ..??..

JM~ හරි එහෙනම් අහක බලාගන්න.

ජිමින් එහෙම කියද්දි කේලි කොල්ලාගෙන් ඇස් අහකට ගත්තා. ටී ශර්ට් එක ඇද උඩ වැටිලා ටික වෙලාවකින් ජිමින් ඇදන් හිටපු කලු කලිසමත් ඒ උඩටම වැටුනෙ කෙල්ලගෙ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගද්දි. කේලි අත් දෙකත් තදින් මිට මොලවගෙන ඇස් පියාගත්තා. තප්පර ගානකින් ඇට කටු කැඩෙනවා වගේ සද්දයක් එක්ක පුංචි කෙදිරියක් කේලිට ඇහෙද්දි කෙල්ල ඇස් පිහාටු තවත් තද කර ගත්තා.
.
.
.
.
.
.
ටික වෙලාවක් එහෙම්මම ඉද්දි කේලිට දැනුනා සිනිදු යමක් තමන්ගෙ ඇගේ දැවටෙන බව. කේලි හිමින් ඇස් අරිද්දි එයාගෙ රිදී හෙවනැල්ල කෙල්ලගෙ කකුල් දෙක ලග ඉදගෙන තමන් දිහා බලන් හිටියා. කේලි හයියෙන් හුසම ගන්න උනා. හෘදස්පන්දනය වැඩි වෙද්දි පපුව අතින් තද කරගත්ත කෙල්ලට දැනුනෙ ඇස් නිලංකාර වෙන බව විතරයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
JM~ කේලි නැගිටින්න....කේලි....

Silver Shadow | PJM ✓Where stories live. Discover now