CHAPTER 08

558 78 2
                                    


සුදු පාට කපුරු මල් පොකුරු දෙකකුත් පපුවට තුරුලු කරන් උස යකඩ ගේට්ටුවෙන් Cemetery එකට ඇතුල් උන කේලි චෙරි මල් වලින් වැහිලා ගිහින් තිබුන පාර දිගේ ඇවිදගෙන ගියෙ එයාගෙ දෙමව්පියන්ගෙ සොහොන් කොත් ළගට. කේලි යද්දි එයාලගෙ ග්‍රේව්ස් උඩ තනියට හිටියෙ ළා රෝස පාට චෙරි මල් පෙති.

අම්මාගෙයි තාත්තාගෙයි සොහොන් ඉස්සරහැන් හිටගත්ත කේලි පපුවට තුරුල් කරන් හිටපු කපුරු මල් පොකුරු සොහොන් කොත් ඉස්සරහැන් තිබ්බෙ දිගු හුස්මක් වා තලයට නිදහස් කරන ගමන්.

KL~ අම්මා...තාත්තා...මම අවා ඔයාලව බලන්න....

කේලි ඒ ලගින් බිම දන ගහ ගන්න ගමන් හිමින් මුමුණද්දි කේලිගෙ ඇස් අගට කදුළු පිරුනෙ අවසරයකින් තොරවමයි.

KL~ අහන්න වගේම කියන්න දේවලුත් ගොඩාක් තියනවා...කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ.

කෙල්ල එහෙම කියද්දි ඇස් අගින් ගිලිහුණු කදුළු බිදුවක් කේලි එකට ගුලි කරන් හිටපු එයාගෙ අත් උඩට වැටුනෙ නිරායාසයෙන්.

KL~ ඇයි මගෙන් හැන්ගුවෙ...මම කවුද කියන එක...??...

KL~ ඇයි කවදාවත් මට නොකිව්වෙ මම වෘකයෙක් කියලා...මම ඒක දැන ගත්ත දවසට මගෙ හිතට කොච්චර ලොකු පීඩනයක් දැනෙයිද කියලා ඔයාලට නිකමටවත් හිතුනෙ නැද්ද ඔම්මා...

KL~ මාව මනක්කල්පිත ලෝකෙක තනි කරලා ඔයාලා කොහොම මගෙන් ඈත් උනේ....
.
.
.
.
.
.
.
.
.
.
Time skipped

පැයකට විතර පස්සෙ Cemetery එකෙන් එලියට ආපු කේලි පාර අයින දිගේ හෙමින් ඇවිදගෙන ගියෙ කල්පනා ලෝකෙක අතමන් උන කෙනෙක් වගේ.
කෙල්ල පියවි සිහියට ආවෙ බ්ලැක් කලර් Bmw එකක් කෙල්ලගෙ පාර හරස් කරලා නතර කරපු නිසයි. කෙල්ල ඇස් හීනෙ කරලා කාර් එක දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථ බැල්මකින්. කාර් එකේ ඩෝ එක ඕපන් වෙද්දි කෙල්ලගෙ හෘදස්පන්දනය වේගවත් උනේ හිතට පොඩි බයක් දැනෙද්දි. කාර් එකෙන් බැහැපු කෙනාව දැක්කාම කෙල්ලට කෙල ගිලුණෙ ඉබේටමයි.

KL~ ජ්...ජි..මි..න්...

කෙල්ල අමාරුවෙන් වචන එකට අමුණද්දි ජිමින් අඩියට දෙකට කෙල්ල ළගට ආවෙ තරහෙන් ගිනි ගන්න රතු ඇස් කෙල්ලගෙන් අහකට නොගෙනමයි.

Silver Shadow | PJM ✓Where stories live. Discover now