💥
බ්ලැකීගෙ පාරෙ සැර කොච්චරද කියනවා නම් බේටාව විසිවෙලා ගිහින් බිත්තියෙ වැදෙන තරමට ඒ පාර ශක්තිමත් එකක් උනා. යක්ෂයාවේසයෙන් දත්මිටි කන ගමන් නහර ඉලිප්පුන අත් වලින් බේටාගෙ බෙල්ලෙන් අල්ලලා මිනිහාව බිත්තියට තියලා තද කරපු බ්ලැකී නිදහස් අතින් වියරුවෙන් වගේ බේටාගෙ මූණට ගහගෙන ගහගෙන ගියෙ මිනිහාගෙ කටින් ලේ පනිද්දි.
BK~ තොපිට ඔය පොඩි දේවත් හරියට කරගන්න බැරිද හු#&%...අවුරුදු ගානක් ට්‍රේන් වෙලා ඊයෙ පෙරේදා ආව පොඩි කොල්ලෙක්ට උබලා පරාද වුනා කියලද තෝ මට කියන්නෙ...???...🤬🤬
BT~ බ්..ලැ..කී...බො..ස්...මට...ස්..
💥
BK~ කට වහපන් පො#%&..තෝ තව එක වචනයක් හරි කිව්වොත් තෝව මං මෙතනම මරනවා...🤬..
BT~ බො..ස්..සමා..වෙන්න...ආයෙ..මෙ..
හෙම..වෙන්..නෙ න්..නෑ...බේටා එයාගෙ බෙල්ලෙ තිබුන බ්ලැකීගෙ අත අයින් කරන්න උත්සාහ කරන ගමන් කියද්දි බ්ලැකී බේටාගෙ බෙල්ල අතෑරලා මිනිහව බිමට තල්ලු කරලා බෙටාගෙ බඩට වැරෙන් පයින් පාරක් ගැහුවෙ මින්හා කෙදිරි ගාමින් බඩ අල්ලන් එහාට මෙහාට ඇඹරෙද්දි.
BK~ උබ දින්නා කියලා හිතන්න එපා ජිමින්. මම මේකෙ Return එක ගන්නවාමයි කියලා උබට පොරොන්දු වෙනවා. මම මේ අත් දෙකෙන්ම උබවත් මරනවා.
බ්ලැකී බෙටාගෙ ලේ තැවරුන එයාගෙ අත් දිහා බලන් කියලා වියරුවෙන් හිනා උනා.
-----------------
බර උන ඇහිපිහාටු හිමීට අරිද්දි ජිමින්ගෙ කටින් සිහින් කෙදිරියක් පිට උනේ උරහිසෙන් දැනුන වේදනාව දරා ගන්න අමාරු උන නිසයි. ජිමින් එයාගෙ බොද උන ඇස් වලින් හිමීට වටපිට බැලුවෙ ඉන්නෙ කොහෙද කියලා කොල්ලට කිසිම අදහසක් නොතිබුණු නිසයි. වට පිට බලපු ජිමින් දැක්කෙ එයාගෙ අතේ ඇගිලි අතර තමන්ගෙ ඇගිලි පටලවගෙන ඇද ලග බිම ඉදගෙන ඇදට ඔලුව තියන් නිදන් හිටපු කේලිව. කෙල්ලව දැක්කාම කොල්ලාගෙ මූණට ආවෙ ලස්සන හිනාවක්. නලල උඩ තිබුන සීතල රෙදි කැල්ල අතට ගන්න ගමන් කොල්ලා ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙන්න ගියත් ජිමින්ට ඒක තනියම කරන්න අමාරු උනා.
YOU ARE READING
Silver Shadow | PJM ✓
WerewolfDon't copy my work 🚫 PARK JIMIN | MAIN Sinhala fanfiction Silver shadow ____________________ " Please Leave me...මට යන්න දෙන්න..." " ඔයා මගෙ මේට්...ඔයාට බෑ මාව දාලා යන්න..." " නෑ නෑ නෑ...I'm not your f*cking mate...මම මනුස්සයෙක්...මාව අතාරිනවා...