"ඔප්පා යන්නේ නැද්ද පාර්ටි එකට?"
පිටිපස්සෙන් හෙමින් සැරේ ඇහෙන අඩි සද්දෙටම කන් අලවගෙන එයා එහෙම කිව්වා.එයාට හුරු ඒ අඩි සද්දේ එන්න එන්නම වේගේ අඩුවෙන හැටි එයාට දැනුණා. එයා පරිස්සම් වෙන්න පටන් අරන්...
"නෑ යුමී..ඇයි එහෙම ඇහුවේ?ඔයාට යන්න ඕනිද?"
"නිකන්.මට දැනෙන්නේ මං ඔයාව හිරකරගෙන ඉන්නවා වගේ."
යුමී ග්ලාස් වෝල් එකෙන් හවසටත් වෙනසක් නැතුවම කාර්යබහුල සෝල් නගරය දිහා බලන් ඉන්න කෙනාගේ පිටට හේත්තු වුණා.
ඒ කෙනාගේ කඩවසම් මූණේ යන්තම් හිනාවක් ඇඳෙද්දී එයා පිටිපස්ස හැරිලා යුමීගේ පුංචි අත් දෙක එයාගේ ලොකු අත් දෙක අස්සට ගුලි කරගත්තා.
"මං කැමතියි හිරවෙලා ඉන්න."
ඊළඟට සිද්ධ වුණේ යුමී හීනෙන්වත් හිතපු දෙයක් නෙවෙයි.යුමීව ළඟම තිබුණ සෝෆා එකෙන් තියලා එයා කෙල්ලගේ ඉදිමුණු කකුල් දෙක ඉස්සරහ දණින් වැටුණා..ඊට පස්සේ කෙල්ලගේ චුට්ටක් ඉස්සරහට නෙරලා තියෙන බෝල බංඩියට හේත්තුවක් දැම්මා.
"ඔප්පා!!"
"යුමී..මට සමාව දෙන්න මගෙ ඒන්ජල්.මටත් ඕනි ඔයාව එතනට එක්කගෙන ගිහින් හැමෝටම කෑගහලා කියන්න..මේ ඉන්නේ මගෙ වයිෆ් මිසිස් කිම් යුමී කියලා..ඒත්..තාමත් මං ඒකට ලෑස්ති නෑ."
YOU ARE READING
𝚁𝙴𝚂𝙿𝙸𝚁𝙾 || 𝙹𝙹𝙺 | 🖤🖇️ | 𝙺𝚃𝙷 |𝙶𝚒𝚛𝚕𝚡𝙱𝚘𝚢|[ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ]||
Fanfictionආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #girl×boy #gxbcouple #brotherhood #love #family #romance #mystery #puzzle #bts #btsff #fanfiction #ot...