"ආහ්..."
යන්තම් අමාරුවෙන් ඇස් අරිද්දි යේහට කලින් දැනිලා නැති වෙනස් සුවඳක් දැනුණා.කාමරේ ඇතුළේ උණුසුම් ඉර එළිය පිරිලා තිබුණා වගේම ඒ ඉර එළියටත් වඩා උණුසුම් විදියට හිනාවෙන කෙනෙක් එයා ගාවින් හිටගෙන හිටියා..
"ගුඩ් මෝනින් යේහා.ඔයාට දැන් කොහොමද දැනෙන්නේ?සනීපයක් දැනෙනවද?"
යේහව චෙක් කරලා ස්ටෙතස්කෝප් එක ගලවන ගමන් එයා එහෙම අහද්දි එයා බෙඩ්ශීට් එක අස්සට ගුලිවෙලා පස්සෙන් පස්සට ගියේ බයෙන් වගේ..කලින් වෙච්ච දේවල් නිසා කෙල්ලගේ හාට්බීට් එකත් හොඳටම වැඩිවෙලා තිබුණා.
"ඔයා කවුද?"
යේහගේ ප්‍රශ්නෙට උත්තර විදියට එයා ආයෙමත් සැරයක් ලස්සනට හිනාවුණා.
"හොඳ ප්‍රශ්නයක්.මං තමයි ජොන් ෆැමිලි එකේ පර්සනල් ඩොක්ටර්..ජන්ග් හෝසෝක්.එතකොට දැන් ඔයාගෙත් ඩොක්ටර් වෙන්න කියලා මට ඉහළින් ඕඩර් එකක් ලැබුණා.."
"සමාවෙන්න ඩොක්ටර් ජන්ග්.මට ඕනි වුණේ නෑ ඔයාට කරදරයක් වෙන්න."
යේහා හුරතල් විදියට කියද්දි හෝසොක් එයාගේ කොණ්ඩේ අවුස්සලා දැම්මා.මේ ඉන්නේ කොච්චර හොඳ කෙනෙක්ද කියලා කෙල්ල දැනටමත් තීරණය කරලයි තිබුණේ..
"පේෂන්ට්ලා වැඩිවෙන එක කරදරයක් නෙවෙයි යේහා..යූ නෝ?..අයි නීඩ් මනී..ඔයාට හොඳටම සනීප එකේ මම අර මොට්ට ජන්ග්කුක්ව ටිකක් අවුස්සලා එන්නම්."
ESTÁS LEYENDO
𝚁𝙴𝚂𝙿𝙸𝚁𝙾 || 𝙹𝙹𝙺 | 🖤🖇️ | 𝙺𝚃𝙷 |𝙶𝚒𝚛𝚕𝚡𝙱𝚘𝚢|[ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ]||
Fanficආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #girl×boy #gxbcouple #brotherhood #love #family #romance #mystery #puzzle #bts #btsff #fanfiction #ot...