"ඔම්මා,දැන් ඔයා ගෙදර යන්න.මට පුළුවන් යේහාව බලාගන්න.."
ජන්ග්කුක් කිව්වේ එයාගේ ඔම්මා ආදරෙන් යේහගේ ඔලුව අතගාන දිහා ටිකක් වෙලා බලන් හිටියට පස්සේ..
"නෑ ජන්ග්කුක්..මට බයයි ඔයාලා දෙන්නව තනියම තියන්න."
"ඔම්මා යන්නකෝ..ඔයා මහන්සියෙන් ඉන්නේ."
හෙමින් සැරේ එයාගේ මුරණ්ඩු ඔම්මා ළඟට අඩි තියලා ජන්ග්කුක් ඔම්මගේ උරහිසෙන් නිකට තියාගත්තා.ඔක්සිජන් මාස්ක් එකට උඩින් පේන එයාගේ සුරංගනාවිගේ පියවුණු දිග ඇහි පිහාටු දිහා එයා දිගටම බලන් ඉන්න බවක් එයාගේ ඔම්මා දැක්කේ නෑ..
"එහෙනම් පරිස්සමට..මගෙ කෙල්ලව හොඳට බලාගන්න."
ජන්ග්කුක්ගේ කම්මුල ආදරෙන් අතගාලා මිසිස් ජොන් එයා ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා.
"ඔම්මත් පරිස්සමට යන්නකෝ.ගිහින් මට කෝල් එකක් දෙන්න.ඒක නෙවෙයි ඔම්මා,ඔයත් අපිත් එක්ක යන්න එනවද.?"
"නැහැ ජන්ග්කුක්.අපේ වයසක මනුස්සයට මං නැතුව පාලුයි කිව්වේ එකපාරටම..ඒ නිසා ඉක්මනට මට ෆ්‍රාන්ස් යන්න වෙයි.මං එයත් එක්ක හැමදේම කතා කරලා එයත් එක්කම එන්නම්."
"ඔම්මට පුළුවන්ද එහෙනම් පැක් කරලා තියෙන දේවල් ටික මෙහෙට එවන්න.ඒත් ඕනි නෑ එක්කෝ..ඔම්මට තනියම-"
ජන්ග්කුක් යන්තම් හිනාවෙලා කියෝගෙන යද්දී මිසිස් ජොන් හිනාවුණා.
"මට පුළුවන් කොල්ලෝ..මං එවන්නම්.."
"ජන්ග්කුකී.."
"ඔම්මා?"
මිසිස් ජොන් මොකුත් නොකියම ජන්ග්කුක්ගේ නළලට හාද්දක් දීලා එයාව තුරුල් කරගත්තා.
STAI LEGGENDO
𝚁𝙴𝚂𝙿𝙸𝚁𝙾 || 𝙹𝙹𝙺 | 🖤🖇️ | 𝙺𝚃𝙷 |𝙶𝚒𝚛𝚕𝚡𝙱𝚘𝚢|[ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ]||
Fanfictionආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #girl×boy #gxbcouple #brotherhood #love #family #romance #mystery #puzzle #bts #btsff #fanfiction #ot...