"යේහා ඉන්නේ ජන්ග්කුක් ගාව.."
කෝල් එක කට් කරලා ටේහ්‍යුන් ෆෝන් එක බෙඩ් එකට විසි කළා.
"මොකක්?ජන්ග්කුක් ඔප්පා ගාව?..ආහ්..හැමදේම ඉවරයි ටේ.හැමදේම..."
රෝනා ඇඳෙන් බිම තියාගෙන හිටපු කකුල් දෙකත් උඩට අරන් දණහිස් දෙක අස්සේ හැංගෙද්දි ටේහ්‍යුන් එයාගේ ළඟින් ඉඳගෙන සනීපෙට කෙල්ලගේ ඔලුව අතගාන්න පටන් ගත්තා.
"ප්‍රශ්නයක් වෙන්නෙ නෑ රෝනා.කිසිම දෙයක් වෙන්නේ නෑ..මාව විශ්වාස කරන්න."
දැනෙන මෘදු ස්පර්ශය නිසා ඔලුව උස්සපු රෝනාගේ ඇස්වලින් කදුළු පේළියක් ගලාගෙන යන හැටි ටේහ්‍යුන් දැක්කා.ඊළඟට එයා මොකුත් නොකියම කෙල්ලව පපුවට තුරුල් කරගත්තා.
"ඇත්තටම ඩෑඩ් නිසාද ටේ ඔයාලට ඔයාලගේ මාම්ගෙන් ඈත් වෙන්න වුණේ?"
"මං දන්නේ නෑ රෝ.."
"ඔම්මා දැනගත්තොත් මං තමයි එයා මේ ලෝකේ වැඩිපුරම වෛර කරන කෙනාගේ දූ කියලා..එයා මටත් වෛර කරයි නේද ටේ?"
"එහෙම වෙන්නෙ නෑ රෝස්.මං ඉන්නවනේ ඔයාට.."
තමන්ගේ පපුවේ එක එක හැඩේට ඉරි අඳින ඇඟිලි තුඩු ටික එක අතකින් අල්ලගෙන අනික් අතින් දිගටම ටේහ්‍යුන්,රෝනගේ ඔලුව අතගෑවා.ඒත් එහෙම විනාඩියක් දෙකක් විතර ඉඳලා එකපාරටම රෝනා ටේහ්‍යුන්ගෙන් ඈත්වුණා.
"මට බයයි ටේහ්‍යුන්.ඔයාව මට නැතිවෙයි..මට හැමදේම නැතිවෙයි.යේහා මාම්ටයි,ජින් ඔප්පටයි හැමදේම කියයි.එයාලා ඔයාව මගෙන් ඈත් කරයි.මාව මෙහෙන් යවයි..ආහ්..මට බෑ..මට බෑ මෙහෙන් යන්න...මට බෑ..මට ඔයාව දාලා යන්න බෑ ටේහ්‍යුන්..චෙබල්.."
කෙල්ලගේ ඇස්වලින් වේගෙන් කදුළු කඩාගෙන වැටෙද්දි කන් දෙකත් වහගෙන එයා පිස්සුවෙන් වගේ කෑගහගෙන ගියා.
STAI LEGGENDO
𝚁𝙴𝚂𝙿𝙸𝚁𝙾 || 𝙹𝙹𝙺 | 🖤🖇️ | 𝙺𝚃𝙷 |𝙶𝚒𝚛𝚕𝚡𝙱𝚘𝚢|[ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ]||
Fanfictionආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #girl×boy #gxbcouple #brotherhood #love #family #romance #mystery #puzzle #bts #btsff #fanfiction #ot...