වෙඩින් එක කරලා දීලා ජිමින්වයි,හේමිවයි ටේහ්යුන් දීපු නැවේ නැව්ගත කරලා හනිමූන් එකට පිටත් කරාට පස්සේ ජන්ග්කුක්ටයි,යේහටයි,නම්ජූන්ටයි සෝල් නගරය මැද තිබුණු'කිම් ඇන්ඩ් කෝ' කම්පැණි එකට අයිති ලක්සරි අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකට එන්න වුණේ මිසිස් කිම්ගේ දැඩි බලකිරීම මැද..
අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකේ උඩම තට්ටුව වෙච්ච අති සුඛෝපභෝගී පෙන්ත්හවුස් එක වෙන්වෙලා තිබුණේ 'කිම් ඇන්ඩ් කෝ' එකේ අයිතිකාරයෝ වෙනුවෙන් විතරයි..
"ජන්ග්කුක් පුතා,ඇයි මේ හිටගෙන ඉන්නේ?යේහා,වාඩිවෙන්න දරුවෝ.ඇයි මේ අමුත්තෝ වගේ හැසිරෙන්නේ?ඔයාලා ටේහ්යුන්ගේ යාලුවොනේ.."
"හරි ඔම්මොනිම්.."
ජන්ග්කුක් යේහා එක්ක සෝෆා එකක කම්ෆටබල් විදියට වාඩි වෙද්දි නම්ජූනුත් ඇවිත් ඒ පැත්තකින් වාඩිවුණේ පරිස්සමට..ඔම්මටයි,අප්පටයි වද දෙන එක තාවකාලිකව නවත්තලා හිටපු යූලි බබා එයාගේ සම්චොන්ගේ අතකට වෙලා සනීපෙට නිදි කිර කිර හිටියා.
එතකොට ටේහ්යුන් පැත්තකට වෙලා ඔක්කොටම රව රව ඉද්දි රෝනා ගල් ගැහිලා වගේ එයා ඉස්සරහ ඉන්න යේහගේ රූපේ දිහා බලාගෙන හිටියා.
ESTÁS LEYENDO
𝚁𝙴𝚂𝙿𝙸𝚁𝙾 || 𝙹𝙹𝙺 | 🖤🖇️ | 𝙺𝚃𝙷 |𝙶𝚒𝚛𝚕𝚡𝙱𝚘𝚢|[ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ]||
Fanficආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #girl×boy #gxbcouple #brotherhood #love #family #romance #mystery #puzzle #bts #btsff #fanfiction #ot...