"මමා,ඇයි අපි යූලිට දොන්ග්සෙන්ග් කෙනෙක් ගේන්නේ නැත්තේ?"
ජන්ග්කුක් එහෙම ඇහුවේ කටේ ඇඟිල්ලකුත් ගහගෙන එයාගේ බඩ උඩ රෝල් වෙලා ඔම්මගෙයි,අප්පගෙයි කටවල් දිහා බලාගෙන ඉන්න යූලිගේ පස්ස පැත්තට පුංචි පුංචි තට්ටු දාන අතරේ..
හොඳට ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා ඇස් පියාගෙන හිටපු යේහා ඒ කතාවට ගැස්සිලා ඇහැරුණා.
"අපිට මෙයා විතරක් මදිද?"
"යූ බබා,ඔයා මොකක්ද කියන්නේ?දොන්ග්සෙන්ග් කෙනෙක් ඕනිද එපාද?"
මෙච්චර වෙලා මාරුවෙන් මාරුවට මමායි,ඩඩායි දිහා බල බල එයාලගෙ කතාව අහගෙන හිටපු යූලි ඒ කතාවත් එක්ක එයාගේ ඩඩාගේ බඩට ඔලුව තියාගත්තම යේහා එයාගේ නිදහස් අතින් ජන්ග්කුක්ගේ ෂර්ට් එක කෙළවලින් පොඟවලා දාන්න හදන එයාලගේ හා පැංචිගේ ඔලුව අතගෑවේ අනික් අතින් එයාගේ ඔඩොක්කුවේ තිබුණු ජන්ග්කුක්ගේ කොණ්ඩ ගස් එක්ක සෙල්ලම් කරන ගමන්..
"එයා කැමති නෑ කුක්..එයාගේ ආදරේ බෙදිලා යනවට."
"ඉතින් අපි අඩුවක් කරන්නේ නෑනේ එයාට.අනික එයාට ආදරේ වෙන්න තව කෙනෙක් හම්බෙනවනේ.."
"ඔයා ඔච්චරටම ආසද ජන්ග්කුකී තව බබෙක්ට?"
යේහගේ හීනි ඇඟිලි සනීපෙට එයාගේ කොණ්ඩේ අතරින් එහෙ මෙහෙ රිංගද්දි ජන්ග්කුක්ට දන්නෙම නැතුව ඇස් පියවුණා.
"මටත් ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා මටම කියලා දොන්ග්සෙන්ග් කෙනෙක් හරි හ්‍යුන්ග් කෙනෙක් හරි හිටියනම් කොච්චර ශෝක්ද කියලා.
සමහර වෙලාවට මට තනිකම දැනිලා තියෙනවා බේබ්..ගොඩක්.ඔම්මයි, අප්පයි මාව දාලා බිස්නස්වලට ගියාම මට ප්ලේ කරන්නවත් කවුරුවත් නැති වුණාම..ආහ්හ්.. එක්කෝ ඒක අමතක කරන්න.ඔයාට කියලා වැඩක් නෑ..ඔයාට මගෙ දුක තේරෙන්නේ නෑ මමා."
ESTÁS LEYENDO
𝚁𝙴𝚂𝙿𝙸𝚁𝙾 || 𝙹𝙹𝙺 | 🖤🖇️ | 𝙺𝚃𝙷 |𝙶𝚒𝚛𝚕𝚡𝙱𝚘𝚢|[ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ]||
Fanficආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #girl×boy #gxbcouple #brotherhood #love #family #romance #mystery #puzzle #bts #btsff #fanfiction #ot...