𝙰𝚛𝚛𝚒𝚟𝚊𝚕.

362 77 50
                                    

"කවදහරි මේවා එළිවෙයි නේද ටේ?එතකොට..එතකොට මං මොකක්ද කරන්නේ?හැමෝම මට වෛර කරන්න ගනීවි."

"හැමෝම මටත් වෛර කරයි.අපි දෙන්නා ඒක ශෙයාර් කරගමු.ඔයා ඔයාගේ හැමදේම මට දුන්නා වගේ ඒකත් මට දෙන්න."

තමන්ගේ නිරුවත් පපුව උඩ එහෙ මෙහෙ යන ගමන් සෙල්ලම් කරන ඇඟිලි තුඩු අල්ලගන්න ගමන් ටේහ්‍යුන් එහෙම කිව්වම රෝනා තවත් ටිකක් එයාගේ පපුවට තුරුල් වුණා.

"යේහා ඇත්ත නොකියා ඉන්නේ ඇයි?"

"එයා කැමති නෑ අපි දෙන්නට කරදරයක් වෙනවට.නමට වුණත් අපි දෙන්නා එයාගේ සහෝදරයොනේ.."

ටේහ්‍යුන් කිව්වේ රෝනගේ මූණට වැටුණු කොණ්ඩ කැරැල්ලක් පිටිපස්සට තල්ලු කරන ගමන්.කෙල්ලගේ මූණට පුංචි හිනාවක් ආවා.

"ස්ටෙප් සිස්‍ටර්..ඒක අමුතුම සහෝදර කැක්කුමක්.මටනම් එහෙම එකක් ඇත්තෙම නෑ.."

"හැබැයි මම හිතන්නේ නෑ මේ පාර ඔයා කරන්න යන වැඩෙන් එයා ඇවිස්සෙන්නේ නැතුව ඉඳීවි කියලා."

"එයා ඇවිස්සෙයි.හැබැයි ඇත්ත කියන්නේ නම් නෑ.."

"ඔයා කොහොමද කියන්නේ?"

තමන්ගේ කම්මුලක ඇලුණු ටේහ්‍යුන්ගේ ලොකු අත ගලවගෙන රෝනා ඒ ඇඟිලි තමන්ගේ අත් දෙකත් එක්ක පටලව ගත්තා.

"මට නැතත් එයා එයාගේ ඔප්පට ආදරෙයි.එයා ඇත්ත කිව්වොත් මට වඩා ඔයයි යුනිවර්සිටි එක ඇතුළේ හෑල්ලු වෙන්නේ කියලා එයා දන්නවා.අනික එයාව විශ්වාස කරන්න කවුරුවත් නෑ ජිමිනි ඔප්පා ඇරෙන්න."

"මේ ඔක්කොම යුනිවර්සිටි ඉවර වෙනකල් විතරනේ.ඊටපස්සේ අපි දෙන්නට මැරි කරන්න පුළුවන්.ප්‍රොපටිස් වෙන් කරනකල් අපි මේ රහස කොහොමහරි පරිස්සම් කරන්න ඕනි රෝ..අපි යේහට වැරැද්දක් කරන්නෙත් නෑනෙ.."

𝚁𝙴𝚂𝙿𝙸𝚁𝙾 || 𝙹𝙹𝙺 | 🖤🖇️ | 𝙺𝚃𝙷 |𝙶𝚒𝚛𝚕𝚡𝙱𝚘𝚢|[ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ]||Donde viven las historias. Descúbrelo ahora