"ඒ රෝනා..ටේහ්‍යුන් උඹට පෙන්නපු කෙල්ලගේ නම ලී රෝනා.."
"ඒකි ඇයි මගෙ ඉස්සරහ යේහා වගේ රඟපෑවේ?ඊයා..මං ඒකිව ඇල්ලුවත් එක්ක."
ජන්ග්කුක් එයාගේ අත් දෙක වේගෙන් ගසලා අත් දෙකටම කටින් පිඹලා එකට ඇතිල්ලුවා. ඊළඟට ටැප් එකක් හොයාගෙන යන්න හදද්දි ජිමින් එයාව නතර කළා.
"ගෑනියෙක් වගේ හැසිරෙන්න එපා ඕයි.ඒකිට බෝවෙන රෝග නෑ.ඒ ටේහ්‍යුන්ගෙයි,යේහගෙයි ස්ටෙප් සිස්ටර්.."
"මොකක් ඒ ගෑනු කෙනාට ළමෙක් හිටියද?ටේහ්‍යුන්ගේ ස්ටෙප් මදර්ට?"
එයා දැනගෙන හිටපු මිසිස් කිම්ට දරුවෝ හිටියේ නැති නිසා ජන්ග්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු වුණා.
"ඔව්.ඒත් ඒ මනුස්සයත් එදා ඇක්සිඩන්ට් එකෙන් මැරුණානේ.රෝනාට එයාගේ පවුලක් නෑ දැන්.එයා ඒ ගෙදරට ආවේ උඹ මෙහෙන් ගිහින් අවුරුද්දකට විතර පස්සේ."
"ඉතින්?"
ජිමින් උත්තර දෙන්න කලින් ටිකක් වෙලා නිකට අතගෑවා.
"ඉතින් ඒකි මෙහේ හැසිරෙන්නේ ටේහ්‍යුන්ගේ දොන්ග්සෙන් වගේ.ඌත් මොකුත් කියන්නේ නෑ..."
"එතකොට යේහා..?"
අහපු දේට ජිමින් උත්තර දෙන්න පරක්කු වෙද්දි ජන්ග්කුක්ට තවත් තද වුණා. එයා ජිමින්ගේ කොලර් එකෙන් ඇදල එයාගේ බයවුණු මූණට එබුණේ ළමයි පෝලිමට මේ වෙන දේ දිහා බලන් ඉන්නවා කියලා කිසිම ගානක් නැතුව..
"ආහ්.."
"මට කියපන්..එතකොට යේහට මොකක්ද වෙන්නේ මෙතන?"
"එ..ඒ ටේහ්‍යුන්ගේ ගෙදර..මේඩ් කෙනෙක්ගේ ද්..දුවෙක්..කියලා කට්ටිය හිතන් ඉන්නේ."
"ෆක්."
එයා ජිමින්ව අතෑරලා දැම්මා.දරාගන්න බැරි තරම් කේන්තියක් එයාගේ ඇඟ පසාරු කරගෙන යද්දි ජන්ග්කුක් එයාගේ වෙව්ලන අත්වලින් තමන්ගේ කොණ්ඩෙන් ඇදගත්තා.
ESTÁS LEYENDO
𝚁𝙴𝚂𝙿𝙸𝚁𝙾 || 𝙹𝙹𝙺 | 🖤🖇️ | 𝙺𝚃𝙷 |𝙶𝚒𝚛𝚕𝚡𝙱𝚘𝚢|[ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ]||
Fanficආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #girl×boy #gxbcouple #brotherhood #love #family #romance #mystery #puzzle #bts #btsff #fanfiction #ot...