chapter 03 ( im sorry hyung & i Love u)

575 94 13
                                    

Jungkook pov

වොශ් එකක් දාගෙන මං ගියා පහලට. ගිහින් ඉදගත්තා සැටියේ .ඔම්මා බත් බෙදනකන් ටීවී එක ඔන් කරල අයන් මෑන් කාටුන් එක දාගත්තා බලන්න.ටිකවෙලාවක් යද්දි ඔම්මා බත් එක බෙදන් ඇවිත් මං ගාවින් ඉදගෙන මගේ ඔලුව අතගාලා මට කවන්න ගත්තා..මාත් ඉතිම් සද්ද නැතුව බත් කෑවා.ඒත් අද අමුතුයි මොකද වෙනදා බත් කන්න ගියාම මේ ගෙදර තුන්වෙනි ලෝක යුද්දේ පටන් ගන්නවා.ඒත් අද සයිලන්ට් වෙලා..ඒ ගැන චූටි දුකක් දැනුනත් මං මොකුත් කියන් නැතුව හිටියා.......ඔම්මා මට කවලා ඉවර වෙලා ආයෙත් ඇවිත් මං ගාවින් ඉදගෙන මට කතා කලා..

❤️: කුකී............

🐰:ඔම්මා.............

❤️: මගෙ පුතාට  මං කියනදෙ අහන්න පුලුවන්ද ?

🐰:මොකක්ද ඔම්මා.මං ඉතිම් ඔම්මා කියන දේ අහනවනේ.

❤️:මැණික, හ්‍යුන් එක්ක රණ්ඩු වෙන්න එපා මහත්තයෝ..අද මං පනිශ් කලේ නැත්තේ ඔයාට මේ දේවල් පනිශ් කරලා කියලා දෙන්න බැරි නිසා ..හ්‍යුන් පව් පුතා.හ්‍යුන් ඔයාට ගොඩක් ආදරෙයි නොපෙන්නුවට.දන්නවද හ්‍යුන් රට ඉද්දී හැමදාම කෝල් කරලා ඇහුවා කුකී කෑවද්, ස්කූල් ගියාද , පාඩම් කරනවද,කියලා...එයා කෝල් කරලා පලවෙනියටම අහන්නේ කුකී ගැන..හ්‍යුන් කුකීට ගොඩක් දේවල් ගෙනල්ලා රටින්.කුකී ආවම ඒවා දෙන්නම් කියලා එයා ගාව තියන් ඉන්නේ..ඒත් නෝට් කුකී ඇවිත් හ්‍යුන්ට කරපු දේට හ්‍යුන්ට දුක හිතෙන්න ඇති කූ.......දැක්කද හ්‍යුන්ගේ ඇස් ඒ ඇස් වලින් කදුලු පනින්න ඔන්න මෙන්න තිබුනේ.....හොදට මතක තියාගන්න කූ ඔම්මයි අප්පයි නැති දවසක මගේ කූට ඉන්නෙ හ්‍යුන් විතරයි ඒ නිසා හ්‍යුන් එක්ක හොදින් ඉන්න මැණික..

ඔම්මගේ ඒ වචන වලට මට ඇඩුනා.මගෙ හ්‍යුන් මට එච්චර ආදරෙයිද..අනේ මගේ පපුව ගැලවෙන්න වගේ....මං ඔම්මගේ තුරුලට වෙලා  ඇඩුවා.. මට දුකයි..මගෙ හ්‍යුන්ට මං නරක විදිහට සැලකුවේ...මං හ්‍යුන්ගෙන් සමාව ගන්න ඕන තව මේ චුටි කූ එයාට ගොඩක් ආදරෙයි කියලත් කියන්න ඕන...මං ඔම්මගෙ තුරුලෙන් ඈත් වෙලා හ්‍යුන්ගේ කාමරේට ගිහින් හ්‍යුන්ට කතා කලා..........

🐰: හ්‍යුන්........

🐱: .......................

🐰හ්‍යුන්....

🐱: ඇයි

පලවෙනිපාර හ්‍යුන්ට කතා කලාට එයා කතා කලේ නැ මං දෙවෙනි පාරත් කතා කලා එතකොට හ්‍යුන් ඇයි කියලා ඇහුවා ඒ පාර මං දුවලා ගිහින් හ්‍යුන්ව බදාගත්තා.මට කතා කරන්න බෑ අඩෙනවා.මගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙනවා ..මගෙ කදුලු වලින් හ්‍යුන්ගේ ටී ශර්ට් එක තෙත් වෙලා..පපුව හරියේ තෙත ගතියක් දැනුන නිසා වෙන්න ඇති හ්‍යුන් මට කතා කලා.

🐱:කූ.....ඔයා අඩනවද පැටියෝ

🐰: හ්‍යු..න් .....මට සමාවෙන්න


හ්‍යුන්ට මං සමාවෙන්න කිව්වට පස්සේ හ්‍යුන් මගෙ නිකටෙන් අල්ලලා කදුලු පිහදැම්මා..

🐱:ඒ මොකටද කූ සමාව ඉල්ලන්නේ.ම්ම්ම්

🐰: මං කරපු හැම නෝටි වැඩකටම. මට හ්‍යුන්ව රිද්දන්න ඕනි උනේ නෑ..හ්‍යුන් කුකී දගයි තමා නෝට් වැඩ කරනවා තමා ඒ උනාට මං හ්‍යුන්ට ගොඩක් ආදරෙයි ...😭

මං හ්‍යුන්ගෙන් සමාව ඉල්ලනකොට මට  ආයෙත් ඇඩුනා..හ්‍යුන්ව ආයෙත් තද කරලා බදාගත්තා මං ...හ්‍යුන්නුත් මාව බදාගත්තා.

🐱: මගේ කූ සමාවගන්න ඕනි නැ...මං දන්නවා කූ මට ආදරෙයි කියලා..මගෙ පණ ටිකනේ ඉතිම් මේ..කෝ දැන් අඩන් නැතුව යන්කො අපි දොයියන්න හාද......මගෙ මල්ලිට කවුරු නැතත් මං ඉන්නවනේ..ම්ම්ම්ම්

හ්‍යුන් එහෙම කියලා මාව ඇදට එක්කන් ගිහින් නිදිකරවලා හ්‍යුනුත් මට එහා පැත්තෙන් ඇල උනා...මං ඇදේ රෝල් වෙලා ගිහින් හ්‍යුන්ට තුරුල් උනා.

🐰: I'M SORRY HYUNG AND I LOVE U SO MUCH 💜️

.....................................................................

❤️: මගෙ පැටව් දෙන්නා ඇස්වහක්නම් වදින්න එපා මේ සහෝදරබැදීමට..

....................................................................

කොහොමද බූත පැටව්නේ

නින්දයන් නෑ ඉතිම් දැන් මට  😭😭😭😭

BYE.............................

අයියා  & මල්ලි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අයියා  & මල්ලි

MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now