chapter 24

614 60 22
                                    

After 2 years

ටේහ්‍යුන්ග් හදිස්සියෙම හොස්පිටල් එකට දිව්වේ හොස්පිටල් එකෙන් කෝල් එකක් ආපු නිසා..

මේ මිස්ටර් ටේහ්‍යුන්ග් නේද ?

ටේහ්‍යුන්ග් දිහා ඩොක්ටර් අමුතු විදිහකට බලන් කිව්වේ එයා ඉස්සරහ ඉන්න ටේහ්‍යුන්ග්ට වඩා එයා දන්න ටේහ්‍යුන්ග් ගොඩක් පිළිවෙලට ඉන්න ආඩම්බරකාර මනුස්සයෙක් නිසා..

මොකද , ටේහ්‍යුන්ග් හොස්පිටල් එකට දිව්වේ කොන්ඩ රැවුල් වවාගෙන, අවුරුදු දෙකක් ගිහිල්ලත් ටේහ්‍යුන්ග් තාම අර හිටපු විදිහමයි, එයා ඒ තත්වෙන් එලියට ආවේ නෑ..පහුගිය දවස් වල පාරවල් වල වැටිලා උන තුවාල වලටවත් ටේහ්‍යුන්ග් බෙහෙත් දාගෙන තිබුන් නෑ..අනික එයා ඇදන් ගිය ඇදුම සතියකින්වත් හෝදලා තිබුන් නෑ...

ඉතිම් ඩොක්ටර් එහෙම එයා දිහා බලන එකේ වැරැද්දක් නැහැනෙ නේද ?

ආ.හ්..ඔව් ඩොක්ටර් මං තමයි.

ටේහ්‍යුන්ග් උත්තර දුන්නේ ඩොක්ටර්ගේ මූන දිහාවත් නොබලා..

මිස්ටර් ටේහ්‍යුන්ග් , ඔයාලා ඇඩ්මිට් කරලා ගියපු පිරිමි ලමයා ඊයේ රෑ මිස්ටර් ටේහ්‍යුන්ග් ගියාට පස්සේ එයාගෙ ඇස්වලින් එකදිගට කදුලු ගලාගෙන ගියා..මං හිතන්නේ ඔයා කියපු දේවල් එයාට ඇහිලා වෙන්න ඕන..ඒකයි එයා එහෙම රියැක්ට් කලේ..සමහරවිට අද , හෙටම එයා නැගිටින්න ඉඩ තියනවා..

ඩොක්ටර්ගෙ කටින් ජන්කුක් අද හෙටම නැගිටියි කියලා කියනවත් එක්කම ටේහ්‍යුන්ග් දුවගෙන ගියේ ජන්කුක් ගාවට.

රූම් එකේ දොර ඇරන් ගියපු ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඇද ලග දනගහගෙන ජන්කුක්ගේ අතක් අල්ලගෙන හරි පරිස්සමට පිරිමැද්දේ ටේහ්‍යුන්ගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙද්දියි..

මැනික 🥺❤️‍🩹

නැගිටින්නකො රත්තරං

දොයියන් හිටියා ඇති නේද කූ බබා දැන්

හ්‍යුන්ට පාලුයි මැනික නැතුව

ඇස් අරින්නකො බබා  ❤️‍🩹🥺

මේ බලන්නකෝ හ්‍යුන් ඉන්න විදිහ

MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now