chapter 20

408 72 7
                                    

No one pov

ටේහ්‍යුන්ග්ලා හරියටම හත වෙද්දී ජන්කුක්ලගෙ ගෙදර ගිහින් එයාලවත් අරගෙන ගමන යන්න පිටත් උනා..

හත වෙද්දී යුන්ගිලාගෙ ගෙදරට ගියාට එයාලා එහෙන් පිටත් උනේ 8.00ත් කිට්ටු වෙලා..මොකද , අපේ කුකී පැටියා ගෙදර දෙක වෙන්න ඇඩුවා ටේහ්‍යුන්ග් ලග ඉදගන්න ඕන කියලා..ඒත් ටේහ්‍යුන්ග් ඉදගෙන හිටියේ ඉස්සරහ සීට් එකේ එතන ඉඩ තිබුනේ ටේහ්‍යුන්ග්ට විතරයි..ඒත් අපේ කුකී සැලෙනවද ? අපෝ නෑ....එයා කොහොමහරි අඩලා අඩලා ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවට පැනගත්තා...

ජන්කුක් ටේහ්‍යුන්ග් ගාව ඉස්සරහ ඉදගත්තට පස්සේ යුන්ගී ජිමින් දෙන්නා එක සීට් එකක එතකොට ජින් නම්ජූන් දෙන්නා එක සීට් එකක ඉදගත්තා..ඩ්‍රයිව් කලේ හොබී....

ටික වෙලාවක් යනකන් කවුරු කතා කලේ නෑ.මුලු වෑන් එකම සයිලන්ට්.ලොකු අයටත් වඩා යන්න උවමනාව තිබ්බ පොඩි ඇච්චෝ දෙන්නත් කිසිකතාවක් නැතුව හොදට නිදි..ජන්කුක් ටේහ්‍යුන්ග්ට තුරුල් වෙලා නිදි.ජිමින් යුන්ගිට තුරුල් වෙලා නිදි.නැම්ජින් දෙන්නනම් හොද ඕපයක් ගැන කතා කර කර හිටියේ...හොබී එයාගේ පාඩුවේ ඩ්‍රයිව් කරනවා එතකොට ටේහ්‍යුන්ග් ඇන්ඩ් යුන්ගී දෙන්නත් පොඩි දෙන්නට තුරුල් වෙලා නිදි...

ඔහොම පැයක් විතර ගෙවුනා..කවුරුත් උදේට කාලා ආවේ නැති නිසා ජින් නිදාගෙන ඉන්න සෙට් එකව ඇහැරවන්න ගත්තා.

🐷:ළමයිනේඒඒඒ නැගිටින්න උදේ කෑම කන්න

ජින් වෑන් එක දෙක වෙන්න හයියෙන් කෑගැහුව පාර ටේහ්‍යුන්ග් , යුන්ගී , ජිමින් තුන්දෙනා නැගිට්ටා එක්කෙනෙක් ඇරෙන්න ඔව් ඒ තමයි ජන්කුක්..ජන්කුක් ටේහ්‍යුන්ග්ට තුරුල් වෙලා සැප නින්දක එයාට ජින් කතා කරනවවත් ඇහුනේ නෑ.ජන්කුක්ව බඩගින්නේ තියලා අනිත් අයට කන්න බැරි නිසා ටේහ්‍යුන්ග් ජන්කුක්ව ඇහැරවන්න ට්‍රයි කලා.

🐯:බබාහ්..චූටි මැනික නැගිටින්නකෝ

🐰:ම්ම්හ්හ්

🐯:ම්ම්හ් නෙවේ..කෝ නැගිටින්නකෝ හබුන් කාලා දොයියමු..දැන් නැගිටින්න

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඔලුව අතගාන ගමන් ජන්කුක්ගේ කන ගාවට ලංවෙලා කතා කලා.ටේහ්‍යුන්ග් කතා කරපු පාර ජන්කුක් හිමින් හිමින් එයාගෙ ඇස් ඇරියා.ඒත් එයා තාම ඉන්නෙ ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සේ ඔලුව හංගගෙන..

MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now