Chapter 18🧁

581 133 30
                                        

"යීබෝ ඇයි ඔයා ඔහොම ඉන්නෙ කියන්නකො"

"මොකද්ද ?"

"උදේම මූණ නරක් කරගෙන? ඊයේ හවස ඉඳන් මාත් එක්ක වචනයක් වත් කතා කලේ නෑ"

" මට කතා කරන්න දෙයක් නෑ ගගා ඒකයි."

"ආහ් මේ තේ එක බීලා ඉන්නකො"

මං තේ එකට පිඹලා පිඹලා උගුරක් කටට ගත්තා.ම්ම්ම් රසයි..

"මේකේ සීනි  හොඳටම වැඩී."

"සීනි වැඩියි? කෝ දෙන්න එහෙනම් මං වෙන එකක් හදලා දෙන්නම්.."

"ඕනි නෑ...අපරාදෙ සල්ලි! "

මං ඉක්මනට තේ එක බිව්වා.

"යීබෝ..."

ගගා මගේ ලඟට ඇවිත් මාව අල්ලන්න හදනකොටම මං එතනින් අයින් උනා.

"පරක්කු වෙලා මං යනවා ලෑස්ති වෙන්න"

"ඊයේ වෙච්ච දේට හිත රිදුනා නම් සමාවෙන්න යීබෝ...ඒත් "

"මට ඕවායින් වැඩක් නෑ."

මං හිස් කෝප්පෙ හෝදන්නෙ වත් නැතුව පැත්තකින් තියලා එතනින් ගියා.

.
.
.
.
.
.
.
"ටිකක් ඉන්න මං තාම ලෑස්ති වෙනවා යීබෝ.."

"හ්ම්ම්ම්"

වෙනදට ගගා ලෑස්ති වෙනකම් එයා දිහා ආදරෙන් බලන් ඉන්න මම අද විනාඩියක් වත් කාමරෙ ඉන්නේ නැතුව ගිහින් ගගාගෙ කාර් එකට නැග්ගා.ඕවා හිතන්න තිබ්බා එයාට ඊයෙම. අර කෙල්ල ඇඟේ එල්ලිඑල්ලි එද්දී තල්ලු කරන්න තිබ්බනේ. මගේ නම් මගේ විතරයි.වෙන උන්ට අතපත ගාන්න දෙන්න ඕනි නෑනේ. අනික ඒකි කිව්වනේ ගගා ආදරේ කලේ ඒ හෝන්තුවට විතරයි කියලා...ඒකි ලඟ තියෙන ඒවා මං ලඟ නෑ කියලත් කිව්වානේ.. මං පෙන්නන්නම් කොල්ලෙක් ලඟ මොනාද හරියටම තියෙන්නෙ කියලා.හහ්.මං මේවා ලේසියෙන් අරින් නෑ..  ගගා උනත් දැන ගන්න ඕනි මගෙ හැටි.

ගගා දුවගෙන ඇවිත් කාර් එකට නැග්ගා.එයා මං දිහ බලද්දී මං අත් දෙක පපුවට බැඳගෙන වීදුරුවෙන් එහා පැත්ත බලාගත්තා.

"පැටියා කෝ  ගගා දිහා බලන්නකෝ.."

මං එක එල්ලෙම ගගා දිහා බැලුවේ ඇහිබැමත් හකුළුවගෙන. ගගා වාහනේ ස්ටාර්ට් කර ගත්තා.

Little Cupcake 🧁(Completed)Where stories live. Discover now