Chapter 05🧁

654 144 42
                                    

තාත්තයි ෂියාඕ අංකලුයි වෙඩින් එකෙන් පස්සෙ දවස් දෙකක් නිවාඩු අරගන්න කිව්වට පරණ පුරුදු වෙලාවටම මට ඇහැරුනා. මගේ ඔලුවට මොකද්ද මේ දැනෙන සනීපේ..ගගා මගේ ඔලුව අතගානවා ඒ අස්සෙ කාත් එක්කද මන්දා කෝල් එකක්.. මං ඇස් ඇරියොත් එයා අත අහකට ගනී කියලා හිතලා මං තව ටිකක් එහෙම්ම ඉන්න හිතුවා.

"ඔව් බන් මට තේරෙනවා."

"නෑ එහෙම මොකුත් උනේ නෑ"

"පිස්සුද මං කිස් කලේ නෑ ...ඒ විදිහට ලං වෙලා හිටියා විතරයි."

"පොඩ්ඩක් තේරුම් ගනිම් ඩයිලා ..යුන් මූට කියපන්කො පොඩ්ඩක්"

"මගේ උවමනාවට වෙච්ච දෙයක් නෙවෙයි පරයො මේ... ගොඩ කාලෙක ඉඳන් අපේ තාත්තලා ගත්ත තීරණයක්"

"අනේ මේ..උඹ හු ...මාව කෑගස්සවන්න එපා බන් මේ පොඩි එකාත් ඇහැරෙයි."

"ආහ් හා හා.. වරෙන්කො එහෙනම්"

ඒ කියන්නෙ අර ඩයිලන් නැත්තම් ගගා මාව ඊයේ කිස් කරනවා..ඌ නිසයි නොකලේ. තමුසෙ මහ හෙනහුරෙක් ඩයිලන්...පුදුම කරුමයක් තමයි මං කරලා තියෙන්නේ..ඇයි ගගාට හිතන්න බැරි මං එයාගේ කසාද මිනිහා කියලා.කොහෙවත් ඉන්න එකෙක් නිසා ගගා එක්ක කවදාවත් මට ලස්සනට ආදරෙන් ජීවත් වෙන්න බැරි වෙයිද. මටත් නොදැනිම මගෙ ඇහෙන් කඳුලු බින්දුවක් පල්ලම් බැස්සා. ඒත් එක්කම මං ඇස් ඇරියා.

"යීබෝ ඇයි මේ?"

මං ඇස් අරිද්දී ගගා ඉඳලා තියෙන්නෙ මංදිහා බලාගෙන.මං හිතුවෙ නෑ එයා මං දිහා බලාගෙන ඇතිකියලා.

"මොකුත් නැ ගගා..මං තේ එකක් හදන් එන්නම්"

"ඉන්න.. ඇයි මේ කඳුළු"

"අහ් මේ මේ...මං නරක හීනයක් දැක්කා ගගා ඒකයි"

"ම්ම්ම්ම්...යං අපි දෙන්නම"

කිචන් එකට යන්න එයත් මාත් එක්ක ආවා.

"ඔයා ඉන්න මං හදන්නම්.."

"ඒත් ගගා මං"

"කටවහන් මෙන්න මෙතනට වෙලා ඉන්නවා පණ්ඩිතයා"

ගගා කලේ මං හීනෙකින් වත් නොහිතපු දෙයක්.එයා මාව උස්සලා ලෙජ් එක උඩින් ඉන්දෙව්වා.මං පුදුමයෙන් බලන් ඉද්දී එයා අපි දෙන්නටම තෙ හදන්න ගත්තා.

Little Cupcake 🧁(Completed)Where stories live. Discover now