Zhan's pov
ලූ අපේ ගෙදරට ඇවිත් ටික වෙලාවකින් යුන්ෂිත් ආවා. මිනිහා එනවා කියලා කලින් කිව්වෙත් නෑ..හොඳ වෙලාවට ටිකක් වැඩිපුර කෑම ඕඩර් කලේ.. අර කෙල්ල කොතනද මූත් එතන. මුන් දෙන්නා පොටකට එන්න වගේ ලෑස්ති වෙන්නෙ මට පේන විදිහට.
"මං මෙයින් එකක් ගන්නද බන්?"
යුන් ඇහුවේ කිචන් එකේ තිබ්බ යීබෝගේ ස්නැක්ස් ගබඩාව පෙන්නලා.
"අම්මෝ..තියපන් තියපන් . ඕවා යීබෝගෙ බන්"
"මේ ඔක්කොම? යකෝ මේක කඩයක්ද ? කමක් නෑ මං එකක් ගත්තා කියලා අහුවෙන් නෑනේ."
"නැත්තෙ මොකද එයාට ඕවායේ යසට ගනම් මිනුම් මතකයි.එකක් හරිඅඩු උනොත් දැනගන්නවා."
"අනේ මේ ඉඳහන් බන්.."
මං කියද්දීම යුන් එක පැකට් එකක් අරන් කැඩුවා.
" උඹ දැන් ඕක යීබෝට පේන්න කාපන් ඈ නැත්තම් මමයි ඕකට අහුවෙන්නෙ පස්සෙ දවසක."
"ඇත්ත කියපන් සිංහයා වගේ හිටියට උඹ පොඩි එකාට බයයි නේහ්"
"බයකට නෙවේ බන්.. එයා මං එක්ක තරහ උන වෙලාවට හුස්මක් වත් ගන්නෙ නැතුව කච කච කච කච ගගා කියෝනවා. ඒ කියවිල්ල මගේ මොලේ අස්ස නිකම් දෝංකාර දෙනවා වගේ.. ඒ වෙලාවට එයාගෙ කටට වචන උනනවද කොහෙද"
"උගේ වයසට නෙවේ වැඩ .ඇත්ත වයසින් පහක් හයක් අඩු කරලා ගන්න ඕනි. පොඩි එකා වගේ තාම"
'සලාං'
එතකොටම අපිට සාලෙන් සද්දයක් ආවා.අපි දෙන්නම දුවගෙන ගියේ මොකද්ද මේ කලබලේ කියලා බලන්න.එතකොටයි දැක්කේ ස්ටූල් එක උඩ තිබ්බ මල් වාස් එක කුඩේ කුඩු .ඒ විතරක් නම් බැරියැ මුන් දෙන්නා රණ්ඩු වෙනවා.
යීබෝ ලූගේ කොන්ඩෙන් ඇදගෙන ලූ යීබෝගේ කොණ්ඩෙන් ඇදගෙන.හරියට මොන්ටිසෝරි ලමයි දෙන්නෙක් වගේ..
"දෙනවා ඕක මෙහාට"
"බෑ,දෙන් නෑ.."
"තව ටිකායි උඹේ වරලස ගැලවිලා මගේ අතට එන්න තියෙන්නෙ මැට්ටී"
"නවත්තනවා දෙන්නම!!"
මට මේක බලාගෙන ඉන්නම බැරිතැන මං සද්දෙට කෑගැහුවා. හිතුවා වගේම දෙන්නා ගැස්සිලා දෙපැත්තට උනා.