"මොනවා! මේ අපේ ගෙදර වගේම තැනක්නේ..."
"වගේ නෙවෙයි මේ ගෙදර තමයි.ඔය පඩි පෙල. ඔය බලාගෙන.."
ඔන්න එහෙනම් මං ගුවන් ගත උනා. නෑ... මේ මනුස්සයා මාව වඩාගත්තා.
"මේ ඒයි ... ඔයා ඇත්තටම මගෙ ගගාද? ඈහ්"
"නෑ නෑ වෙන්න බෑ.. එයා කොහොමවත් මට මේ විදිහට සලකන්නෙ නෑ"
"ඇයි නැත්තෙ යීබෝ? මං ඔයාගේ ගගා තමයි."
"ම්හ්ක් .ඒක තමා මෙච්චර සුවඳ"
එයා මාව ඇඳ උඩින් තිබ්බා.
"ආයෙම තැන තැන බීලා අහුවෙන්නෑ හරී? මොනහරි බොන්න ඕනි නම් මට කියන්න මං ගෙදරට ගෙනත් දෙන්නම්.ක්ලබ් එකකටම යන්න ඕනි නම් ඒත් මට කියන්න මං දන්න තැනක් තියෙයි එතනට එක්කන් යන්නම්.තනියම නෙවෙයි මාත් එක්ක. මෙහෙම කරන්නඑපා යීබෝ.. ඔයාට මොනහරි කරදරයක් උනා නම්?"
"උනා නම් ... ඔයාට සතුටු හිතෙයි නේහ්.. ඔයා මගෙ කරදරෙන් නිදහස්නේ එතකොට"
"මොනාද යීබෝ මේ කියවන්නෙ පිස්සුද?"
"ඔයාට ඉතිම් මං ගැන ගානක් නෑනේ ගගා. දන්නවද ? දන්නවද මගෙ හිත කොච්චර රිදෙනවද කියලා ආහ්? ඔයාට මං එක්ක ගහපු පොටෝ එකක් දාන්න බැරි තරම් ලැජ්ජයිනේ..."
"යීබෝ ඒක.."
"I'm sorry ගගා.. ඔයා අකමැතියි කියලා දන්නවා නම් මං කීයටවත් ඒක පෝස්ට් කරන්නෙ නෑ.මං ඩිලීට් කලා ඒක.ගිහිම් බලන්නකො මගෙ අකවුන්ට් එකේ වත් ඒක නෑ දැන්."
"යීබෝ.. මං ඒක එච්චර හිතුවෙ නෑ ලමයො"
"අනේහ් නිකම් ඉන්න ගගා. ඔයා ඉස්සරත් ඔහොමයි.මතකද අර ඩයිලන් එක්ක මගෙ ක්ලාස් එක ගාවට ආව කාලේ..? දන්නවද මගෙ ඇස් වලට ඉස්සෙලම පෙනුනෙ ඔයාව.ඒත් ඔයා මං දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ.බුම්මගෙන කිසිම හැඟීමක් දැනීමක් නැති එකෙක් එකෙක් වගේ හිටියෙ. ඩයිලන් මගෙ දිහා බලන් ඉද්දී මං බලන් හිටියෙ තමුන් දිහා. ඒත් ඔයා වැඩක් නෑහ්..වැඩක් නෑම්බ්ම්හ්..
මට තව කතා කරගන්න බැරි උනා.. මොකද කියනවා නම් මගේ වචන ගගාගේ කට ඇතුලේ හිර වුනා. එයා මගේ තොල් එයාගෙ තොල් වලින් අල්ලගෙන උරනවා .වෙඩින් එකේදි මගෑරපු කිස් එක .මට දවස් ගානකට පස්සෙ හම්බවෙද්දී මං ආයාසයක් නැතුවම එයාගෙ පහසට ඇදිලා ගියා. එයාගේ හාදුව මෘදු එකක් නොවී පිපාසිත හාදුවක් වෙද්දී මාත් ඒකට හවුල් උනා.