සතියකින් වෙඩින් එකලු. අද රෑට ඩිනර් වලට එනවලු...යෝහ් මට පිස්සු හැදෙන්නවගේ.. මං කොන්ඩේ ඒ අතට මේ අතට අත් දෙකෙන් ඇදගන්න ගමන් කල්පනා කලා. ස්ට්රෙස් නැති කරගන්න තියෙන හොඳම දේ යාළුවා එක්ක කතා කරන එක කියනවනේ.. ඒ වෙලාවෙම මං ලූට කෝල් එකක් ගත්තා. දෙපාරක් රින්ග්ස් ගියේ නෑ කෝල් එක කට් කලා. මොන මගුලක්ද?
💌"මං ලෙක්චර් එකක ඉන්නේ බූරුවෝ .මොකද?"
ලූගෙන් මට හැරෙන තැපෑලෙන් මැසේජ් එකක් ආවා.හරිනේ එයා කෝස් එකේ මටත් පිස්සු.
💌"මට තමුසෙව හම්බවෙන්න ඕනි."
💌"2.15 , cool cafe"
💌ok
දැන් ඉතිම් 2.15 වෙනකම් හිටපන්කො මේක කියන්න.
ලූගේ අම්මා ඇක්සිඩන්ට් එකකින් නැති උනා. ඊට පස්සෙ කවුරුත් හිතපු වත් නැති විදිහට සෑම් අංකල් ලූව බාරගත්තා. දැන් අවුරුදු දෙකක් තිස්සේ ලූගේ තාත්තා සෑම් අංකල්. එතනින් පස්සෙ එයාට දුක් විඳ විඳ පාරවල් ගානේ බඩු විකුනන්න උනේ නෑ.. සෑම් අංකල් එයාට ඉගැන්නුවා. හැබැයි ස්කෝලෙ නම් යන්න උනේ නෑ. එයා පුදුම විදිහට මහන්සිවෙලා දැනුම හදාගත්තෙ. දැන් ෆැෂන් ඩිසයිනින් ඉගෙනගන්නවා. පොරොන්දු වෙච්ච විදිහටම තාත්තා මාව බිස්නස් එකට ජොයින් කරගත්තු දවසෙ ඉඳන් මං එයාගේ වැඩ වලට වියදම් කලා. ඔය කෝස් එකට ෆුල් පේමන්ට් එක කලෙත් මම.
මේ අවුරුදු තුනට එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් උනා. නොවෙනස් උන එකම දේ තමයි අපේ යාළුකම.
තාත්තා මට පවරපු වැඩ කෝටියක් තියෙයි.මොකද ඉස්සරහට වන්ග් ගෲප් එක බාරගන්න ඉන්නෙ මම නිසා මං හැමදෙයක් ගැනම ඉගෙනගන්න ඕනිලු.
ලැප් එක දිගෑරගෙන වැඩක් කරන්න ගත්තත් මගේ ඔලුවට එන්නෙ මේ කසාදෙමයි.
ඉවසලා ඉවසලා ලූ එන්න කියපු වෙලාවට මං කැෆේ එක ගාවට ගියා.
"මොනාද බොන්නේ යීබෝ...සීතල දෙයක්?"
"ඕනි මගුලක් ඕඩර් කරපන්.. මේ ලබන සතියේ මාව කසාද බන්දවන්න යන්නෙ ඕයි."
"මොකක්? ශා මරුනේ... මේ දැන් මං සතියකින් හොඳ ඇඳුමක් ගන්නත් ඕනි නේද වෙඩිමට අඳින්න."