ලොකුම ලොකු වෙඩින් එකක්... ලොකුයි කියන්නේ අපේ වෙඩින් එකට මීඩියා වලිනුත් ඇවිත් හිටියා.අපේ ගෙවල් දෙකේ නෑදෑයෝ ඇරුනම මං ජීවිතේට වත් දැකලා නැති මිනිස්සු සෑහෙන්න හිටියා. තාත්තා නම් කිව්වෙ ඒ බිස්නස් පාර්ට්නර්ස්ලා කියලා.ඔෆිස් එකේ සෙට් එකකුත් ඇවිත් හිටියා. මොනා නැතත් අපේ වෙඩිම ටීවී එකේ හොඳ නිවුස් එකක් වෙලා ඇති මෙලහටත්.ශාන් ගගා...එයාගෙ ලස්සන!!! ක්රීම්පාට ඇඳුමට එයා ඒන්ජල් කෙනෙක් වගේ... මං එයා දිහා බලාගෙන ඉද්දී එයත් මගේ දිහා බලාගෙන හිටියා.එදා දැක්කට වඩා අද ඒ ඇස් වල මොකද්දෝ වෙනසක් තිබුනා. ඇස් දෙකේ මුස්පේත්තු පාට ගිහින්..එයා අද හිනාවෙනවා ..කටින් නෙවෙයි ඇස් වලින්. අද වගෙ දවසක වත් මේ මනුස්සයට දත් ටික එලියට දාලා හිනාවෙන්න බැරි හැටියක්.
මං වටපිටාව බලද්දි තමයි දැක්කෙ එක තැනක් ගිනිගන්නවා.ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි ඩයිලන්. එයාගෙ මූණ අබ දැම්මොත් පුපුරන සයිස් .යුන්ෂි ගගා එයාගේ කර වටේ අත දාගෙන හිටියේ හරියට එයාව සනසන්න වගේ.. මේ මනුස්සයා මෙතන පිස්සුවක් වත් නටයිද? තව ටිකාක් ඔහොම ඉවසන් ඉන්න ශාන් ගගා තාම මට මුද්ද දාලත් නෑ.
ටික වෙලාවකට පස්සෙ හැමෝගෙම ආශිර්වාදය මැද්දේ අපි දෙන්නා මුදු මාරු කරගත්තා.හේ හේ දැන් කිස් එකක් දෙන වෙලාව .....මං හිත හිතා ඉන්නකොට ශාන් ගගා බෙල්ල හරවලා මගේ මූණට පාත් උනා. මං ඇස් ලොකුකරගෙන බලාගෙන හිටියෙ එයාගෙ ඇස් දිහා. අපි දෙන්නා ඉන්නේ හුස්ම පවා මාරුවෙන තරම් ලඟින් උනත් දශමෙක පරතරයක් තිබුනා. මෙහෙම ඉද්දි අනික් අයට පේන්නෙ අපි කිස් කරනවා වගේ.. ඒත් මෙ මනුස්සයා තනිකර ප්රෝඩාවක් කරන්නේ .ම්හ්ක්
විනාඩියක් විතර එහෙම ඉඳලා එයා අයින් උනා.
එයත් සාධාරණයි හැබැයි. එහෙම එක පාරට කිස් කරන්න බෑනේ ඉතින් ..අපි අතරෙ හරිහමන් යාළුකමක් වත් නෑනේ.ඊට පස්සෙ අපි දෙන්නට උනේ ඇවිත් හිටපූ සේරමලා ලඟට ගිහින් කතා කරන්න. ටේබල් පහ හයක අය එක්ක අතට අත දීලා කතා කරලා එනකොට මට මතක් උනා ඩයිලන්ව.දැන් මං ඌටත් අතට අත දෙන්න ඕනිද ...?
"ගගා මේ...පාත්වෙන්නකො රහසක් කියන්න"
මං එහෙම කියද්දී එයා ඔලුව ටිකක් පාත් කලා.