අද ලොකු කානිවල් එකක්.ඕක තියෙන්නෙත් අවුරුද්දකට සැරයයි.කොහොම උනත් මට ගෙදරින් යන්න දෙන්නෙ නෑනේ.ගිය අවුරුද්දෙත් උනේ ඕකමයි...ඊට කලින් අවුරුද්දෙත් කොච්චර ඇඬුවත් බැරි උනා. හැබැයි ඉතින් ගෙදර අයකියන දේ අහන හොඳ ලමයෙක් විදිහට මං අද අමතර පන්ති දෙකක්ම දාගත්තා.මේ හැමදේටම උදව් කරන්නෙ ඉතින් සෑම් අංකල් තමයි.
" අනේ බේබි මගෙ රස්සාව ගහලා යන වැඩ නම් කරන්න එපා හොඳේ.."
"හරි හරි අනේ ඔය ඉස්සරහින් නවත්තන්න... "
කාර් එක නවත්තලා අපි බලන් හිටියෙ ලූ එනකම්.
විනාඩි පහකින් විතර ලූ කොහෙද ඉඳන් දුවගෙන ආවාම මං හිනා වෙලා කාර් එකේ දොර ඇරියා.
" ඉක්මනට නගින්න ලමයෝ ..."
ලූ තවමත් කාර් එකට නගින්නෙ නැතුව ඇඹරි ඇඹරි ඉද්දී සෑම් අංකල් කෑ ගැහුවා.
" යෝහ් මේ ඇඳුම හොඳයිද යීබෝ? මට වෙන හොඳ එකක් නෑනේ.."
ලූ ඇඳගෙන හිටියෙ ටිකක් පරණ තාලේ ඇඳුමක් .ඒත් ඒක නරකමත් නෑ.
" කමක් නෑ අනේ... අපි ෆැෂන් ශෝ එකකට යනවා නෙවෙයිනේ ..ජොලියක් ගන්නනේ යන්නේ ..නගින්න."
මගේ උත්තරෙන් සෑහීමකට පත්වුන එයා කාර් එකට නැග්ගා.
" ඔන්න මං මේ අවදානම ගත්තෙ බේබිව විස්වාස කරලා හරිද...ඒක නිසා මං කියපු දේවල් අකුරට පිලිපදින්න ඕනි තේරුනාද දෙන්නටම? හරියටම වෙලාවට කාර් එකට එන්න ඕනි .විනාඩියක් වත් පරක්කු වෙන්න බෑ ..එහෙම උනොත් බේබිගෙ හොර මගඩි වලට ආයේ මම නම් නෑ .ඔන්න කලින්ම කිව්වා"
"හරි හරි තේරුනා තේරුනා...අපි එහෙනම් යනෝ..."
සෑම් අංකල්ට අතවනපු අපි දෙන්නා කාර් පාක් එකෙන් එලියට ඇවිත් කානිවල් එක තියෙන තැනට ගියා.. මගෙ හිතට නම් මාරම සතුටුයි.. ඒ වගේ යාළුවෙක් එක්ක ඇවිදින්න විනෝද වෙන්න මං කොච්චර ආසාවෙන්ද හිටියේ.. මං ලූගේ කරට අත දාගෙන වටපිටේ ඇවිද්දා.
කෑම වර්ග අයිස්ක්රීම් විකුණන කුටි හැම තැනම. අපි දෙන්නත් ගිහින් අයිස් ක්රීම් දෙකක් අරගත්තා.
"යීබො මේ...අපි අර උඩින් යන කතුරු ඔන්චිල්ලාව පදිමුකෝ..."
"හා යමුකො..ඔයා බය නැද්ද?"