Yibo' s pov
මං ගෙදරින් ඇවිත් අදට දවස් හතරක්.මෙහෙත් හොඳයි.හැබැයි පාළුයි. කොහොම උනත් හැමදාම මෙහෙම ඉන්නත් බෑනේ.. ඔෆිස් යන්නත් ඕනි. මට හිතාගන්න බෑ මං මොකද්ද කරන්නෙ කියලා. ගගා නම් දැන් ඇති හොඳට නිදහසේ ....මං නැති නිසා එයාට ප්රශ්නෙකුත් නෑනේ..
මං ඇඳගෙන හිටියේ අම්මා එනකොට අරගෙන ආපු ඇඳුමක් .ඒක ගෙයක් වගේ .මං වගේ උන් දෙන්නෙක්ට බැස්සැහැකි.අපරාදෙ මට රෙදි ටිකකුත් බෑග් එකක දාගෙනම එන්න තිබ්බෙ.
අම්මත් ගෙදර නැති වෙලේ තනියම රෙදි ගන්න කඩේකට ආපු මම එක එක ඇඳුම් ඇඳ ඇඳ පොටෝ ගැහුවා.පොටෝ හැටක් විතර ගැහුවට එකයි ඉන්සටර් දාන්නේ.
පොටෝ එකකුත් අප්ලෝඩ් කරලා මං ෆිටෝන් රූම් එකෙන් එළියට ආවා.
"මේ මේකේ ලයිට් කලර්ස් නැද්ද?"
"ඔය ඩිසයින් එකෙන් ඔය කලර්ස් ටික විතරයි තියෙන්නෙ සර්"
"එතකොට මේ පාටින් වෙන සයිස් නැද්ද ?"
"අහ් ඔය සයිස් එක නම් ඉවර වෙලා සර්"
කරුම වෙලාව.ලස්සන ඇඳුමක්දැක්කොත් ඔහොමනේ..එක්කො සයිස් නෑ .නැත්තම් කලර්ස් නෑ.
ඒ ඇඳුම් දෙක එතනම දාලා මං ටිකක් එහාට යන්න හැදුවා විතරයි කවුරුහරි අතකින් මාව ඇද්දා.
හැරිලා බලද්දි හිටියේ වෙනක් කවුරුත් නෙවෙයි මගෙ ගගා. එයා මගේ අත හිරට අල්ලගෙන හිටියා. ඒ වගේම එයාගෙ මූණෙ මට නොතේරෙන මොකද්ද අමුතු හැඟීමක් තිබුනා. තරහක් ,බයක් වගේත් පේනවා. ඊට එහා පැත්තෙ යුන්ෂි ගගාත් හිටියා.
"ගගා...ඔම්හ්බ්ම්.."
මේ මනුස්සයා එතන දෙනෝ දාහක් ඉස්සරහ මාව කිස් කලා. මාව එයාගේ ශක්තිමත් අත් වලට හිර වෙලා හෙලවෙන්න වත් බැරි උනා වගේම මගේ තොල් දෙකත් හොලවන්න බැරි උනා . මොකද කියනවා නන් මගෙ තොල් දෙකම තිබුනේ එයාගේ කට ඇතුලේ.ඌව්ව් දතකුත් වැදුනද කොහේ.
එයා මගෙන් අයින් වෙලා මගේ කම්මුලක් උඩින් අත තිබ්බේ බර හුස්මක් පිට කරන ගමන්
"ගෙදර යමු යීබෝ"
හා කියන්න බෑ කියන්නද .මට හිතාගන්න බෑ. මං ඉන්නෙත් ෆුල් හොල්මන් වෙලා. මං ආපිට උත්තරක් දෙනකම් තත්පර ගානක් වත් හිටියෙ නෑ එයා මාව අතින් ඇදගෙන ගියා.