Chapter 21🧁

487 116 29
                                    

මං හිටියෙ ගගාගේ පපුවට තුරුල් වෙලා ඇස් දෙක පියාගෙන වෙනකොට ගගා මගේ ඔලුවට ගනන් කරන්න බැරිතරම් හාදු දුන්නා.

"යීබෝ..."

"ම්ම්ම්ම්"

"ගගාට පොඩි වැඩ වගේකට ෂැන්ගයි යන්න වෙලා"

"අනේ....කවද්ද? දවස් කීයකටද?"

"ම්ම්ම්ම් හෙට අනිද්ද දිහාට යන්න වෙයි පැටියො.වැඩිය නෑ සතියකට වගේ"

"සතියක්? අනේ  ගගා සතියක් කියන්නෙ කොච්චර ලොකු කාලයක්ද? මං කොහොමද ඔයා නැතුව ඉන්නේ??"

මේ ටික දවසට ගගායි මායි නොසෑහෙන්න ලං උනා ..එක දවසක් වත් මට එයා නැතුව නිදාගන්න බැරිකොට සතියක් එයා නැතුව ඉන්න වෙනවා කිව්වම අවංකවම මගෙ ඔලුවෙ පැත්තක් රිදෙන්න ගත්තා.

"ආහ්හ්...ආව්ව්ව්....යීබෝ.. ස්ස්ස්ස් "

මං ගගාගේ පිරිපුන් පපුවෙ මස් පිඩුවක් දත් වලින් පුළුවන් තරම් හයියෙන් ඇල්ලුවා.

"ඒක නම් සිරාවටම රිදුනා ඈහ්"

"රිදෙන්න තමයි කලේ..මගෙත් මෙන්න මෙතන රිදෙනවා ,හරියටම මෙන්න මෙතන"

මං මගේ පපුවට ඇඟිල්ල දික් කරලා පෙන්නුවාම  ගගා කට ඇදකරගෙන මං හපපු තැනට අත තියාගත්තා.

"තරහ ගන්න එපා පැටියා මං ඉක්මනට එන්නම්කො ම්ම්ම්? හරි මෙහෙම කරමුකො..මං ටුවර් එකක් ලෑස්ති කරන්නම් ඔයා ලූයි අම්මයි යුන්ෂියි එක්ක ගිහින් ෆන් එකක් අරන් එන්න"

"මටෝන් නෑ ඔය මොකුත් ම්හ්ක්.."

"මං එනකොට කන්න දේවල් ගොඩාරියක් අරන් එන්නම්කො පැටියට ම්ම්ම්? "

"ගගා ඔයාට මාව පේන්නෙ පෙරේතයෙක් වගේද ඈහ් ? මට කෑම වලින් ඇති වැඩක් නෑ. මාවත් එක්කන් යන්න බැරිද ගගා? "

"ගගා විනෝද වෙන්න යනවා නෙවෙයිනෙ පැටියො.. මං ඉක්මනට වැඩ ඉවර කරලා එන්නම් ම්ම්ම්ම්..."

"ඕන්නෑ අතාරින්න මාව..අත ගන්න.."

මං ගගා මගේ ඇඟ වටේ දාගෙන ඉන්න එයාගේ අත අයින් කරන්න අසාර්ථක උත්සහයක යෙදුනා.
ගගා මාව තවත් එයාට ලං කරගෙන මගේ තොල් උඩ බලෙන්ම එයාගේ ආධිපත්‍යය පතුරවද්දී මං නිකම්ම පූස් පැටියෙක් වගේ එයාට මෙල්ල උනා.

Little Cupcake 🧁(Completed)Where stories live. Discover now