මං control room එකට ගිහින් එන ටිකට අර කෙල්ල යන්න ගිහින් තිබුනා.
"යීබෝ....වැරදියට තේරුම් ගන්න එපා මං කියන..."
"Shut up ගගා..just shut up! .මට ඔයාගෙන් කිසිම පැහැදිලිකිරීමක් ඕනි නෑ... මං cctv ෆොටේජ් දැක්කා. මෙතන සම්පූර්ණ වැරැද්ද වෙන කාගෙවත් නෙවේ ඔයාගෙ ගගා"
" දෙයියනේ යීබෝ ...cctv දැක්කා නම් ඔයාට පේන්න ඇතිනේ කව්ද වරද කලේ කියලා...ඒකි ඇවිත් මගේ ශර්ට් එක ඉරුවා.මේ බලන්න බට්න්ස් ඉඳන් කැඩිලා ගිහින්."
"ආහ් that is the point ගගා...ඒකි ඇවිත්නේ ඕක කලේ...බලෙන් එහෙම ceo ගෙ කැබින් එකට රිංගන්න බෑනේ..එක එක උන්ට ඕනි ඕනි වෙලාවට මේ විදිහට කැබින් එකට එන්න permission තියේ නම් මොකටද රිසෙප්ෂන්ලා ඉන්නෙ? ඔයා එවන්න කිව්වොත් විතරනේ උන් ඇතුලට එවන්නෙ. නේද?"
".........................."
"ඔව්ද නැද්ද ? නැත්තම් කියන්න මං මෙතනට රිසෙප්ෂන් එකේ උන් ටික ගෙන්නලා ඔයා ඉස්සරහම අහන්නම්"
"ඔව් යීබෝ...ඉතින් මං එන්න දුන්නෙ එයාට කරදරයක් කියපු නිසා"
"හහ්....ඒ කියන්නෙ ඔයා ඒකිව ඕනිකමින්ම ඇතලට ගත්තා.! මං මේ වෙලාවට එයිකියලා හිතුවෙ නෑ එහෙමනේ."
"යීබෝ ප්ලීස් ටිකක් තේරුම් ගන්නකො... මට ඒකිවඕනි නෑ"
ගගා මගෙ උරහිසෙන් අල්ලද්දී මං ඒ අත ගසලා දැම්මා.
"මීට වඩා මොනවා තේරුම් ගන්නද ? මං යනවා යන්න"
මං යන්න හදද්දී ගගා මගේ පස්සෙන් එන්න ආවා.
"යීබෝ මැණික අනේ ඔහොම ඉන්නකෝ"
"ඔයා ඔහොම දිගටම පස්සෙන් ඇවිත් මේ ඔෆිස් එකේ ඉන්න ඔක්කොම ඉස්සරහ ලැජ්ජා වෙන්න උනොත් මට කරන්න දෙයක් නෑ.."
මගේ වචනත් එක්ක ගගා එතනම නතර වෙද්දි මං එතනින් යන්න ගියේ රිසෙප්ෂන් එක ගාවට.
"යීබෝ සර්.."
"මට ඔයාලට important දෙයක් කියන්න තියෙනවා."
"කියන්න සර්.."
"අද ඉඳන් ශාන් සර්ගෙ කැබින් එකට කවුරුහරි පිටින් එනවා නම් මට inform කරන්න ඕනි. එයා එන කෙනාව allow කලත් නැතත් මට ඒ details ලැබෙන්න ඕනි.තේරුනානේ..."