වෙලාව උදේ දහයට විතර ඇති.පොරොන්දු වෙච්ච විදිහටම ගගා මාව බීච් එකට එක්කගෙන ආවා. මිනිස්සු ගොඩාරියක් අඩුයි. හවසනේ ඉතින් ගොඩක් කට්ටිය බීච් එන්නේ. ඒකත් හොඳයි හරීම නිදහස්...
මුහුදු හුලං කපාගෙන මායි ගගායි වෙරළ අයිනෙන් හෙමීට ඇවිදගෙන ගියා. මං ගගාගේ අතින් ඇදගෙන මුහුද දිහාට දිව්වා.
දැන් අපි දෙන්නගෙම කකුල් තෙමෙන්න රැල්ල ගහනවා.
"තව ඉස්සරහට ගියොත් ඇඳුම් තෙමෙයිනෙ යීබෝ"
"ඉතින් කමක් නෑ..තෙමෙමූ..හී....."
මං ගගාගේ අතින් අල්ලගෙන තවත් ඉස්සරහට ගියා.දැන් අපේ දණිස් වෙනකම් තෙමිලා.
මං සෑහෙන කාලෙකින් බීච් ආවේ...මට හෙනම සතුටුයි.. මං උඩ පැන පැන නටන දිහා ගගා බලන් හිටියෙ හරියට පොඩි එකෙක් දිහා බලන් ඉන්නවා වගේ.
"දැන් ඇති පැය ගානක් නැටුවනේ.. ඔයා ලෙඩ වෙයි එන්න ගොඩට යමු"
"අනේ දැන්ම ගෙදර යනවද??????"
මං කිව්වේ මූණත් ඇඹුල් කරගෙන.
"කව්ද කිව්වෙ ගෙදර යනවා කියලා ?"
ගගා ඒ ලඟම තිබ්බ බීම කරත්තෙකින් බීම ටින් දෙකක් ගත්තා. ටිකක් එහාට ගිහින් අපි දෙන්නම වැල්ලෙ ඉඳගත්තා.
ගගා එක බීම ටින් එකක් බිම තියලා අනිත් එක කඩලා මට දුන්නා වගේම ඊට පස්සෙ එයාගෙ බීම ටින් එකත් කැඩුවා.එයා මේ හැසිරෙන විදිහට මං හරිම ආසයි අනේ. මාරම කෙයාරින්.
මං සතුටටම ගගාගේ බාහුව වටේ අත දාගෙන එයාගෙ උරහිස උඩින් ඔලුව තියාගත්තා. එයා ලාවට ගැස්සුනා. මට ඒක දැනුනත් මං සද්ද නොකර හිටියා. මගේනේ ඉතිම් ...එහෙම එකේ මට එයාගෙ අවසර මොනහෙකටද.
"ඔයා සතුටින්ද ම්ම්ම්ම්?"
"ඔව් ගගා... තැන්කිව් මාව මෙතනට එක්කන් ආවට."
"ම්ම්ම්ම්"
"ගගා අපි ෆොටෝ එකක් ගම්මුද?"
"හා ගමු.."
"ආ ෆෝන් එක ඔයා ගන්නකො ඔය පැත්තෙන්."
මං එහෙම කියලා එයාගේ උරහිසට ඔලුව තියාගෙන හිනා වීගෙන හිටියා.ගගාගේ මූණේ හිනාවක් නම් නෑ..ඒත් නපුරු පාටකුත් නෑ.. ඒකම මදැයි ඒකම මදැයි.