Next Day at Morning
Jin - යා ජන්කුකා ඊලග පාර වතුර බාල්දියක් එවන්න කලින් නැගිටිනවා ද නැද්ද.
ජින් kitchen එකේ ඉදන්ම කෑගැහුවේ ජන්ග්කුක් තාම නැගිට්ටෙ නැති නිසා.මේ වෙනකොට උදේ 10 ත් පහුවෙලයි තිබ්බෙ.අන්තිමට ජින්ගෙ කටේ සද්දෙට ජන්ග්කුක්ට නැගිටින්න සිද්ද වුනා.
Jin - ආ දැන්ද මහත්තයාට ඉර පෑයුවේ.ඊයෙ රස්තියාදු ගහලා මහන්සිත් ඇති නේ.
ජින් එයාගෙ රැප් එක පටන් ගත්තේ ජන්ග්කුක් ඇවිත් සෝෆා එකෙන් වාඩිවුනාම.
Jungkook - ඉතින් හියුන්නෙ මට බල කරෙ යන්න කියලා.
Jin - යන්න කිව්වට රෑ වෙන්න කලින් ගෙදර එන්න දැනගන්න එපැයි.
Jungkook - හරියට කලින් ගෙදරට එන කෙනා නෙ.
Ding Dong
ජින් වචනයක් වත් කියන්න කලින් ගෙදර බෙල් එක වැදුනා.
Jin - ජන්ග්කුක් ගිහින් දොර අරින්න.
Jungkook - මෙහෙම.මං තාම වොශ් එකක්වත් දාගෙන නෑ.ආව මනුස්සයා දුවයි මාව දැක්කොත්.
Jin - ලැජ්ජා නැතුව කියන හැටි විතරක්.යනවා ගිහින් වොශ් එකක් දාගෙන එනවා.
ජන්ග්කුක් එයාගෙ රූම් එකට ගියන් පස්සෙ ජින් දොර ඇරියා.දොර ඉස්සරහ ඉන්න දෙන්නව දැක්කම ජින් ගොඩක් පුදුම වුනා.
Jin - ඔම්මා...
ජින් එයාගෙ ඔම්මාව දැක්ක ගමන් බදාගත්තා.
Mrs jeon - අමෝ කොල්ලෝ මාව මරන්න ද හදන්නෙ.
Jin - කිව්වෙවත් නෑ නේ එනව කියලා.
Mr jeon - හරි හරි ඒවා පස්සෙ කතා කරමුකො.ඔක්කොටම කලින් අපිට ගෙදර ඇතුලට එන්න දෙනවද.
තුන් දෙනාම ගෙදර ඇතුලට ගියා.
Jin - ඔම්මයි අප්පයි ඉදගන්නකො මං බොන්න මොනවා හරි හදන් එන්නම්.
Mrs jeon - දැන්ම ඕන්නෑ පුතේ.කෝ අපේ පොඩි කොල්ලා.
Jin - හොද පොඩි එකා.දැන් තමයි කෑගහලා කෑගහලා නැගිට්ටෙ.
Mr jeon - හරි හරි ඉතින් එයා තාම පොඩියි නෙ.
Jin - ඔය දෙන්නගෙ වැඩේ එයාව හුරතල් කරන එක නේ.
![](https://img.wattpad.com/cover/289146291-288-k535461.jpg)