Mrs jeon - ජින් ජන්කුක් දෙන්නම ලෑස්ති වෙලා ඉවරයි නම් පල්ලෙහාට එන්න.අපිට යන්න පරක්කු වෙනව.
Mrs jeon ජන්කුක් ටයි ජින්ටයි කෑගැහුවේ ගෙදරින් එලියට යන ගමන්.ජෝන් ෆැමිලි එකම අද ඩිනර් එකකට යන්න ලෑස්ති වෙලා.ඒකත් ජින්ගෙ මනමාලයගෙ ගෙදරට.
ඔම්මගෙ කෑගැහිල්ලට ජන්කුක් ජින් දෙන්නම ලෑස්ති වෙලා පල්ලෙහාට ආවා.හැබැයි ඒ දෙන්නගෙ මුහුනු වලින් කිසිම සතුටක් පෙනෙන්න තිබ්බෙ නෑ.ජින් මොකුත් නොකියම කාර් එකෙන් වාඩි වුනාම ජන්කුක් ජින්ගෙ පස්සෙන්ම ගිහින් කාර් එකෙන් වාඩි වුනා.
විනාඩි විස්සකින් විතර එයාලගෙ කාර් එක නතර වුනේ ලොකු හොටෙල් එකක් ඉස්සර නතර කරා.mr jeon කාර් එක පාකින් එකේ නතර කරාම හැමෝම කාර් එකෙන් බැහැල හොටෙල් එක ඇතුලට ගියා.
හොටෙල් එක එලියෙන් වගේම ඇතුලෙනුත් ලස්සනට සරසලා තිබ්බ.ජන්කුක් ගෙ ඔම්මයි අප්පයි ඉස්සරහින් යද්දි ඒ දෙන්නා පිටිපස්සෙන් ආවා.ටිකකින් එයාලා නතර වුනේ ලොකු ටේබල් එකක් ඉස්සරහ.
" කොහොමද jeon හුග කාලකින් නේද අපි මේ හම්බවෙන්නෙ."
එතන හිටපු කෙනා mr jeon ට අත දික් කරන ගමන් කතා කරද්දි jeon නුත් ඒ කෙනාට අතට අත දුන්නා.හැබැයි දෙන්නෙක් නම් මේ දිහා බලන් හිටියෙ කටවලුත් බාගෙට ඇරගෙන.
" කුකී ඔයාට කියන්න පුළුවන් ද මෙතන වෙන්නෙ මොකක්ද කියලා."
ජින් පහත් වෙලා ඇහුවෙ ජන්කුක් ගෙන්.
" මාත් මේ ෆුල් අන්දොස් වෙලා ඉන්නෙ හියුන්.එක්කො එයාලත් ඩිනර් එකකට එන්න ඇති.ඒත් කොහොමද කිම් අන්කල් අප්පව අදුනන්නෙ."
ජන්කුක් නම් මිස්ටර් කිම් එයාගෙ අප්පා එක්ක කතා කරන විදිහ හොදටම පුදුම වෙලා හිටියෙ.
" හුරතල් කොල්ලො ඇයි මේ හිටගෙන.ඇවිත් වාඩි වෙන්න ලමයො."
ටේබල් එකේ පැත්තකින් ඉදගෙන හිටිය මිසිස් කිම් ජන්කුක් ට කතා කරාම හැමෝම වාඩි වුනා.
" ඒක නෙමෙයි කිම් කෝ කොල්ලො දෙන්න."
මිස්ටර් ජෝන් අහද්දිම ටේහ්යයුනුයි නම්ජූනුයි ඇතුලට ආවා.
