රෑ වෙලා ජෝන් පවුලම හිටියෙ කෑම මේසෙ කෑම කන ගමන්.විනාඩි ගානක් තිස්සෙ තිබ්බ නිහැඩියාව නැති වුනේ mr jeon කතා කරපු නිසා.
Mr jeon - කොහොමද කුකී ඔයාගෙ යුනි එකේ වැඩ ටික.
Jungkook - අවුලක් නෑ අප්පා කෙරීගෙන යනවා.
Jin - අනේ මන් නෙ දන්නෙ මෙයාගෙ වැඩ ගැන.
ජින් ජන්කුක්ට හිනාවක් දාන ගමන් කියද්දි ජන්කුක් ජින්ගෙ කකුල පෑගුවා.
Jin - ආව් මන් ඇත්ත නෙ කිව්වෙ.
Jungkook - කොහෙ තියෙන ඇත්තක්ද දන්නෑ කිව්වෙ.
Mrs jeon - හරි හරි ලමයි දැන් රන්ඩු වෙන්න එපා.
Mr jeon - ජින් මට පොඩි දෙයක් ඔයාට කියන්න තියෙනවා.
Jin - කියන්න අප්පා.
ජින් කන එකත් නවත්තලා එයාගෙ අප්පා දිහා බැලුවා.
Mr jeon - මේකයි අපි දෙන්නා මෙහෙට ආවෙ මගෙ job එක හින්දම නෙමෙයි.
Mrs jeon - පුතේ ඔයා මේ ගෙදර වැඩිමහල් ලමයා.ඉතින් ඔයා මේ විදිහට දිගටම තනියම ඉන්න බෑ නේ.
Jin - මට ඔම්මයි අප්පයි කියන දේ හරියට තේරෙන්නෑ.
Mr jeon - පුතේ අපි මේ කතා කරන්නෙ ඔයාගෙ වෙඩින් එක ගැන.
මිස්ට ජෝන් එහෙම කියද්දි ජින් ජන්කුක් දෙන්නම පුදුම උනා.
Jin - අ අප්පා ඇයි හදිස්සේම.
Mr jeon - මොන හදිස්සියක්ද.අපි දෙන්නම හොදට කල්පනා කරලා තමයි මේ තීරනේ ගත්තේ.අනික හොද තැනකින් ඔයාට යෝජනාවක් ඇවිල්ලා තියෙන්නෙ.
Jin - අප්පා ඒත්.
Mr jeon - ඒත් මේත් ගාන්නෙ මොකද.
Jin - අප්පා මන් කෙනෙක්ට ආදරේ කරනවා.
Mr jeon - මට ඒ දේවල් වලින් වැඩක් නෑ ජින්.තියෙන සම්බන්දයක් දැන්ම නවත්තන්න.අපි අද හෙටම එයාලගෙ ගෙදර යනවා මේ ගැන කතා කරගන්න.
Jin - ඔම්මා
Mrs jeon - අපි මේ තීරනේ ගත්තෙ ඔයාගෙ හොදටමයි පුතේ.
ජින් තවත් ඉන්නෙ නැතුව නැගිටලා එයාගෙ කාමරේට ගියා.
Jungkook - හියුන්.
Mr jeon - ජන්කුක් ඔයා කොහෙද යන්නේ
ජන්කුක් ජින්ගෙ පස්සෙන් යන්න ගියත් එයාගෙ අප්පා ජන්කුක් ව නතර කලා.