𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 12

1.9K 274 67
                                    

පැයක් විතර ජන්කුක් කල්පනා කලා... එයාට ඕනි මේ හැමදේකින්ම ඈත් වෙලා ඉන්න... හැමදේම ටික කාලෙකට අමතක කරල, සතුටින් ජීවත් වෙන්න.... එයා ඒ ගැන ගොඩක් කල්පනා කලා... අන්තිමට හොදට හිතල බලල තීරණයක් ගත්ත ජන්කුක් .... සෝෆ එකෙන් නැගිට්ටෙ ටේහියුන් , ශවර් එක වහන සද්දෙ ඇහිල....

වොශ් දාගෙන ඉවරයි කියල, ටේහියුන් කතා කරන්නත් කලින් වොශ් රූම් එක ඇතුලට ගියපු ජන්කුක් , ටේහියුන් ඉන්නෙ නිරුවතින් කියන එකවත් නොසිතා , ටවල් එකෙන් ටේහියුන්ගෙ ඇගේ තෙත මාත්තු කරල, ඒ ටවල් එකම ටේහියුන්ගෙ ඉන වටේ ගැට ගහල, හරහට වඩා ගත්තා...

ටේහියුන් මොකුත්.නොකිය එයාව වඩාගෙන යන ජන්කුක් දිහා බලාගෙන හිටියා....කටින් කිසි වචනයක් ටේහියුන් නොකිවුවට, එයා හිටියෙ හිත යටින් සතුට වැඩි කමට කෑ ගහල අඩන ගමන්....

ටේහියුන්ව ගෙනත් ඇද උඩින් පරිස්සමෙන් තිබ්බ ජන්කුක් , ටවල් එක අයින් කරල, එයා හොයල තිබ්බ ඇදුම් ටිකත් ටේහියුන්ට ඇන්දුවා.... පස්සෙ ආයෙ ටේහියුන්ව අත් අතරට ගත්ත ජන්කුක් , එයත් එක්කම කිචන් එකට ගියා......

ටේහියුන් මේ ලිවින්ග් රූම් එකට එන්නෙත් මාසෙකට විතර පස්සෙ, ඉතින් එයා ගේ හොදටම හැඩි වෙලා ඇති කියල හිතුවත්...ගේ ලස්සනට අස් කරල තියෙනව දැකල , එයා ජන්කුක් එක්ක කතා කලා.....

"ක්-කුකී..."

" ම්ම්ම්...."

" මේ ගේ අස් කලේ කවුද... "

"මං ...."

ගේ අස් කලේ තමන් කියල ජන්කුක් කිවුවම ටේහියුන් පුදුමෙන් ජන්කුක් දිහා බැලුව..ම් ඒක එයාට විශ්වාස කරන්න අමාරු උනත්.. ජන්කුක් කිවුවෙ ඇත්ත.. එයා තමා මේ ගේ අස් කලේ....


ටේහියුන්ව අරගෙන කිචන් එකට ආව ජන්කුක් , ටේහියුන්ව කිචන් කවුන්ටරේ උඩින් තියල, කෑම හදන්න ගත්තා...

" කු-කී.... මම උදව් කරන්නද...? "

ජන්කුක් ඉන්නෙ මොකක් හරි ප්‍රශ්නෙක වගත් , ජන්කුක්ගෙ මූනෙ තියන මහන්සි පාටත් නිසා ටේහියුන් ඇහුවෙ, ජන්කුක්ව තවත් මහන්සි කරවන්න අකමැති උන නිසා...

GETTING LOST LOVE ||  ✅Where stories live. Discover now