𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 03

1.7K 278 38
                                    

Vote 50



අදත් වෙනද වගේම දවස ගෙවිල ගියා. දැන් හවස් වෙලා. කුකී එයි. මම ඉතින් ගේ අස් කරල අතු ගෑව, පොත් කියෙවුව, ගාඩ්න් එකේ ඇවිද්ද , ඕව තමා කලේ. ඉස්සර මුලදි මුලදි නම්.මම දවසට 3න් පාරක් කුකීට කතා කලා. ඒත් දැන් එයා මාව බ්ලොක් කරල. අඩුම මම එයාට පෝන් එකෙන් කතා කරනවටවත් එයා ආස නැ.

මේව මතක් කරනකොට වෙන්නෙ බොරුවට මගෙ ඇස් වලින් කදුලු ගලන එක විතරයි. හැමදාම වගේ..

කදුලු පිහ දාගෙන මම ලිවින්ග් රූම් එකට ඇවිත් ඉද ගත්ත. කුකී ආපු ගමන් දොර අරින්න ඕනි. නැත්නම් එයා බනිනව.




















හ්ම්ම්ම්... දැන් වෙලාව රෑ 11.00 යි.. මගෙ කුකී තාම ආවෙ නැ. අනේ මගෙ හිතට ලොකු බයක් දැනෙනව. මීට කලිනුත් කුකී පරක්කු වෙලා තියෙයි. ඒත්.... මොන දේ උනත් මට දැනෙන බය.

කුකීට කෝල් කරන්නත් බෑනෙ මට. මට මේව මතක් වෙනකොට මම ගැනම දැනෙන්නෙ කේන්තියක්... කුකීගෙ ගෙදරට කතා කරන්න කියල හිතා ගත්ත. මගෙ නම්බරේ බ්ලොක් කලාට ඒව බ්ලොක් නැතුව ඇතිනෙ. ඉතින් මම අම්මට කෝල් එකක් ගන්න කියල හිතාගෙන .

ඒත් මම ෆෝන් එක ගන්න යන්න හදනකොටම ,.මට ඇහුන දොරට කවුරු හරි තඩි බානව. ඉතින් මම එහෙම්ම නැගිටල ගිහින් දොර ඇරිය.

" කු..කුකී..."

ඔව් ඒ හිටියෙ මගෙ කුකී. එයා බිත්තියට එක අතක් තියාගෙන ටිකක් පාත් වෙලා මගෙ දිහා බලන් ඉන්නව. එයා ඉන්න විදිය අමුතුයි. මට එතකොට තමයි තේරුනේ කුකී ඉන්නෙ බීල කියල.

" අනේ කුකී මොකද මේ... ඔ..ඔයා බිවුවද කුකී..."

ම එහෙම කියන ගමන් ගිහින් ඉක්මනට කුකීව අල්ලගත්තෙ, එයා පන නැතුව වැටෙන්න ගිය නිසා. මට මගෙ නහය ගැලවිලා යන්න තරම් සැර ගදක් ආව. ඒ කුකී ගත්ත ඇල්කොහොල්.

මම බොහොම අමාරුවෙන් කුකීවත් අල්ලගෙන සෝෆ එක ලගට එනකල් ආව.

" බලාගෙන කුකී..."

මම ගොඩක් පරිස්සමෙන් කුකීව සෝෆ එක උඩින් ඉන්දෙවුව. පස්සෙ මමත් කුකීගෙ එහා පැත්තෙන් වාඩි වෙලා, කුකීගෙ ශර්ට් එකේ උඩ බොත්තම් 2 ක ගැලෙවුව. එයාට හොදටම දාඩිය දාල.

GETTING LOST LOVE ||  ✅Where stories live. Discover now