𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 14

2K 277 90
                                    

ටික වෙලාවකින් ජන්කුක් නාල එලියට ආව... ඇදුමකුත් ඇදගෙන ජන්කුක් පහලට ගියේ ටේහියුන්ව බලාපොරොත්තුවෙන්.....

කිචන් එකට යනකොටම , ටේහියුන් කිචන් එකේ කෝප්ප වගයක් හෝදනව .....ජන්කුක් විනාඩියක් විතර බලන් ඉදල ටිකක් ටේහියුන් ලගට ගිහින් කතා කලා....

" ටෙ..."

ජන්කුක්ගෙ කට හඩ ඇහුන ගමන්ම, ටේහියුන් පිටිපස්ස හැරුනා....

" ඇයි කු..."

" නිකම්...ඔයා ඔය වැඩේ කරල ඉවරද...."

" නෑ කුකී..තව ටිකල් තියෙනව ඇයි...."

ටේහියුන් ඇහුවම, ජන්කුක් ඔලුව කහ කහ හිටපු හින්ද..ඒකට හිනා උන ටේහියුන් , ආයෙත් හැරිල එයා කර කර හිටපු වැඩේ කරන්න ගත්ත....

" ඉතින් කියන්නකො මොක්---- "

ටේහියුන් ආයෙත් කතා කරන ගමන් පිටිපස්ස හැරුනත් එයා දැක්කෙ ජන්කුක් එතන නෑ කියල....

" ගිහින්නෙ......"

දුකින් වගේ තොල් දෙක උල් කර ගත්ත ටේහියුන් , එයාගෙ වැඩේ ඉක්මනට කරල ඉවර කරා.....

තවත් විනාඩි 10 ක් විතර අරගෙන ඔකෝම ඉවර කරපු ටේහියුන් , ලිවින්ග් රූම් එකය ආවෙ ජන්කුක්ව හොයාගෙන.... ටේහියුන් එනකොටම දැක්කෙ සෝෆ එකේ ඇල වෙලා ඉන්න ජන්කුක්ව...හීනියට හිනා උන ටේහියුන් , ජන්කුක් ලගට ගිහින් , ජන්කුක්ගෙ ඔලුව ටිකක් ඉස්සල එයාගෙ උකුලෙන් තියා ගත්තා.......

" කුකී..."

ටේහියුන් ජන්කුක්ගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි යවන ගමන් සන්සුන් විදියට කතා කලා.....

" ම්ම්ම්..."

ජන්කුක් ඇස් දෙක පියාගෙනම කතා කලා..."

" ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කුකී..... ඔයා මේ දවස් ටිකේ හරි වෙනස්.... මොකක් හරි ප්‍රශ්නයක්ද.....මට කියන්න බැරි එකක්ද කුකී..."

ටේහියුන් දුකින් වගේ එහෙම ඇහුවම, ජන්කුක් ටේහියුන්ගෙ පැත්තට හැරුනා...දැන් ජන්කුක්ගෙ නහය, ටේහියුන්ගෙ බඩේ ගෑවෙන පැත්තට ඉන්නෙ....

" ප්‍රශ්නයක් නම් කියන්න කුකී.... හිතේ තියාගෙන දුක් විදින්න එපා..... "

GETTING LOST LOVE ||  ✅Where stories live. Discover now