𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 13

1.8K 258 38
                                    

7.00 AM

ටේහියුන් , උදේම නැගිටල පැය බාගයක් විතර ජන්කුක්ගෙ මූන දිහා.බලාගෙන හිටියා..... ඒ වෙලාවෙ කලින් දවස ආයෙ මතක් වෙනකොට, ටේහියුන්ගෙ තොල් අතර ආදරණීය හිනාවක් ඇදුනා...., තාම ආදරෙයි කියල තමන්ට ජන්කුක් නොකිවුවත්, ටේහියුන් විශ්වාස කලා කවද හරි එයාට ඒ ආදරෙ ලැබෙයි කියල... මොකද එයා විශ්වාස කලා,.මේ වෙනකල් එයා දැනුවත්ව කාටවත් වරදක් කරල.නෑ කියල.....

ඉතින් , කිසිම වරදක්.නොකල තමන්ට, කවද හරිම දෙවියො සතුටෙන් ඉන්න අවස්තාවක් ලැබෙයි කියලා.... ටේහියුන් ඒක පුංචි කාලෙ ඉදලම තදින් විශ්වාස කරන දෙයක්...ම්

ඇති කියල හිතෙනකල් ජන්කුක්ගෙ මූන්ට සම වැදිල වගේ බලාගෙන හිටපු ටේහියුන් , ජන්කුක්ගෙ මුලු මූනම පුංචි පුංචි හාදු වලින් නාවල, හුරතල් , ආදරණීය.හිනාවක් මූනෙ රදවගෙනම, වොශ් එකක් දාගෙන, කිචන් එකට ගියා...... ජන්කුක් ආසම කෑමක් හදන්න ගත්ත ටේහියුන්ට ඔක්කොම ටික ඉවර කර ගන්න පැය 2 ක් විතර ගියා......




උයල ඉවර උන ටේහියුන් , කිචන් එක අස් කරල, ජන්කුක්ව ඇහැරවන්න හිතාගෙන රූම් එකට ආව....

තවමත් කලින් වගේම නිදාගෙන ඉන්න ජන්කුක් ලගට ගිය ටේහියුන් ,

" ජන්කූ.... නැගිටින්න.... ජන්කූ...ම්"

ජන්කුක්ගෙ අතකින් අල්ලන ගමන් කතා කලා....

" ම්ම්හ්..."

හීනියට කෙදිරි ගාපු ජන්කුක් , ඇස් දෙක ඇරියා... එයා ඇස් දෙක අරිනකොටම දැක්කෙ එයාගෙ ඉස්සර ඇදේ වාඩි වෙලා ඉන්න ටේහියුන්ව....

" Good morning කුකී...."

ටේහියුන් ලස්සනට හිනා වෙන ගමන් කිවුවම, වෙනද වගේ නැතුව ජන්කුක් පොඩ්ඩක් හිනා වෙලා ,

" Good morning ටේ..."

කියල කිව්වා...හැබැයි ජන්කුක් ටේ කියල කියපු නිසා.මේ වෙනකොට ටේහියුන් නම් ඉන්නෙ පුදුම වෙලා.... ජන්කුක් ඔය එයාට ඔය විදියට කතා කරපු පලවෙනි වතාව.... කලින් ටේහියුන් , බේබි බෝයි ඔය වගේ වචන වලින්නෙ ජන්කුක් ටේහියුන්ට කතා කලේ...තව නම් තියෙනව...ඒ ගැන කතා නොකර ඉන්න එකම තමයි හොද.....

GETTING LOST LOVE ||  ✅Where stories live. Discover now